> ## Content Index
> Fetch the complete content index at: https://chanuka.me/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# 2022 වෙනුවෙන් නිකුත් වන පරිගණක ක්‍රීඩා 5ක්
- URL: https://chanuka.me/computer-games-for-2022/
- Published: 2021-12-30T05:33:31.000Z
- Updated: 2021-12-30T05:33:31.000Z
- Description: මේ ලිපිය දිගහැරෙන්නෙ පරිගණක ක්‍රීඩා ලෝලී ඔබට වගේ ම තාක්ෂණික ලෝකය ගැන ආසාවක් දක්වන ඔබ සියලු දෙනා ම වෙනුවෙන්.
- Author: Chanuka Nadun
- Tags: ගැජට්, platform, #roar-archive, Roar Archive

2021 වසරේ මේ ගෙවෙන්නෙ අවසාන දින කිහිපය. 2022 ඇරඹෙන්නෙ නව තාක්ෂණික පෙරළි ගණනාවක පෙරමග සලකුණු එක්කම යි. සාමාන්‍යයෙන් පරිගණකයක් භාවිත කරන බොහෝ දෙනෙක් ඔවුන්ගේ පරිගණකයෙන් විවිධාකාර ක්‍රීඩාවල නියැළෙන්න පෙලඹෙනවා. මේ ලිපිය දිගහැරෙන්නෙ පරිගණක ක්‍රීඩා ලෝලී ඔබට වගේ ම තාක්ෂණික ලෝකය ගැන ආසාවක් දක්වන ඔබ සියලු දෙනා ම වෙනුවෙන්. මෙහි සඳහන් වන බොහෝමයක් පරිගණක ක්‍රීඩා, පරිගණක හරහා වගේම xbox, Playstation වැනි Platformවලත් ක්‍රීඩා කරන්නට හැකියාව තියෙනවා. සමහර ක්‍රීඩා cross platform ආකාරයෙන් ද ක්‍රීඩා කරන්නට ක්‍රීඩකයන්ට ඉඩ ලැබෙනවා.

## 1\. Halo Infinite

Halo franchise එක 90 දශකයේ දරුවන් අතර අතිශය ජනප්‍රියත්වයට පත්වූ ක්‍රීඩාවක් ලෙස අවිවාදයෙන් හඳුන්වන්න පුළුවන්. මෙහි නවත ම පරිගණක ක්‍රීඩාව පසුගිය දිනෙක නිකුත් වුණා. ඒ Master Chief Collection එකේ කොටසක් විදිහට. එහි නම යෙදෙන්නෙ Halo Infinite ලෙස යි. මෙහි විශේෂයෙන් ම free to play multiplayer game පහසුකම දැකගන්නට පුළුවන්. ඒවගේ ම ක්‍රීඩකයන්ට ඉතාම විශාල Open World map එකක අත්දැකීම ගන්නත් හැකියාව තියෙනවා. සුපුරුදු පරිදි Master chief ගේ solo adventure එකක් වටා තමයි ප්‍රධාන කතාව ගෙතෙන්නෙ.

මේ ක්‍රීඩාව ඔබේ පරිගණකයෙන් ක්‍රීඩා කරන්න නම් අව ම වශයෙන් පහත දෘඩාංග සහ මෘදුකාංග පහසුකම් ඔබේ පරිගණකය සතු ව තිබිය යුතුයි.

OS: Windows 10 RS5 x64 (October 2018 Update)  
CPU: AMD Ryzen 5 1600 or Intel i5-4440  
RAM: 8 GB or more  
GPU: AMD Radeon RX 570 or Nvidia GeForce GTX 1050 Ti  
Storage: 50 GB  
Video Memory: 4GB  
DirectX: 12

![](https://chanuka.me/content/images/2026/10/computer-games-for-2022--1.jpg)

මරණයෙන් නැගිටින Master Chief – theverge.com

## 2\. Froza Horizon 5

කාර් විශාල ප්‍රමාණයක් Playground Games’ open-world arcade racing franchise සියල්ල ම Mexico හි එකට එක ම ක්‍රීඩාවකින් අත්විඳින්න ඔබට අවශ්‍ය නම් මේ තියෙන්නෙ 2021 වසරේ හොඳ ම Racing Games එක යි. තනිව ම mission එහෙම නැති නම් race ඉවර කරනවා වගේ ම කැමති නම් ඔබේ මිතුරන් සමඟ ම මේ ක්‍රීඩාව online ක්‍රීඩා කරන්නත් ඔබට පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔබ තව ම මෙවැනි ක්‍රීඩාවලට අලුත් නම් බය වෙන්න දෙයක් නෑ ඔබට ඔනෑතරම් පුහුණු වෙන්න මේ ක්‍රීඩාව ඉඩ සලසනවා. ඔබ ආස mud racingවලට ද? එහෙම නැත්නම් off road අත්දැකීමකට ද? මෙවර Froza ක්‍රීඩාවෙන් ඒ සියලු දේ ඔබට අත් විඳින්නට පුළුවන් වෙනවා. සුපුරුදු පරිදි ම rewind පහසුකම් මගින් ඔබට වැරදි අව ම කරගෙන ධාවනයේ යෙදෙන ගමන් කෘත්‍රිම ලෝකයක සුන්දරත්වය විඳින්නත් පුළුවන් වෙනවා.

මෙම ක්‍රීඩාව කරන්න නම් ඔබට පහත අවම පහසුකම් සහිත පරිගණකයක් අවශ්‍ය වෙනවා.

OS: Windows 10 version 15063.0 or higher  
Processor: Intel i5-4460 or AMD Ryzen 3 1200  
Memory: 8 GB RAM  
Graphics: NVidia GTX 970 OR AMD RX 470  
DirectX: Version 12  
Network: Broadband Internet connection  
Storage: 110 GB available space

![](https://chanuka.me/content/images/2026/10/computer-games-for-2022--2.jpg)

2021 හොඳම Racing ක්‍රීඩාව – theverge.com

## 3\. Age of Empires IV

මේ ලිපිය ලියන මාත් පෞද්ගලික ව ගොඩාක් ආස ක්‍රීඩාවක් තමයි Age of Empires කියන්නෙ. වසර ගණනාවක පරම්පරා කිහිපයක් දරුවන් මේ ක්‍රීඩාව ආරම්භයේ සිට ම මේ සමඟින් ඉන්නවා. වසර 24ක් පමණ පුරාවට මේ ක්‍රීඩාව සමග ඉන්න බොහෝ දෙනකුට නව IV වන ක්‍රීඩාව මුල් ක්‍රීඩා සංස්කරණ වගේ ම දැනෙන ලෙස නිර්මාණය කර තිබෙන බව දැනගන්න ලැබෙනවා. ඒ වගේම මේ නව ක්‍රීඩාවේ campaign mission පෙරට වඩා තරමක් අපහසු බවත් දැනට ම මෙය ක්‍රීඩා කරන බොහෝ දෙනකුගේ අදහස යි. පරණ මතක අලුත් කරගන්න බොහෝ දෙනකු නැවත මෙයට ඇබ්බැහිවේවි යැයි තාක්ෂණික ලෝකය විශ්වාස කරනවා.

![](https://chanuka.me/content/images/2026/10/computer-games-for-2022--3.jpg)

අලුත් වෙලා එන Age of Empires IV – theverge.com

## 4\. Death’s Door

Death’s Door කියන්නෙ 2021 වසරේ ආව තවත් අපුර්ව පරිගණක ක්‍රීඩාවක්. ඒවගේ ම මේ වසරේ ආපු සුන්දර ම ක්‍රීඩවක් විදිහටත් මෙය සැලකෙනවා. සැබෑ ලෝකයට වඩා වෙලාවක් අතත්‍ය ලෝකයේ ගෙවන්න කැමති බොහෝ දෙනකුට මේ ක්‍රීඩාව අනිවාර්යයෙන් ම ගැළපේවි. සාමාන්‍ය වීඩියෝ ක්‍රීඩාවකට එහා යමක් මේ හරහා ක්‍රීඩකයන්ට ලබා දීම මෙහි නිර්මාපකයන් ගේ අරමුණ ව තිබෙනවා. Zelda, Dark Souls වගේ ක්‍රීඩාවලට ළැදි කෙනෙක් නම් ඔබ අනිවාර්යයෙන් ම මේ ක්‍රීඩාව එක්ක තදින් බැඳෙන බව මගේ පෞද්ගලික විශ්වාසය යි.

![](https://chanuka.me/content/images/2026/10/computer-games-for-2022--4.jpg)

පරිගණක ක්‍රීඩාවකට එහා ලෝකයක් – theverge.com

මේ ක්‍රීඩාව ක්‍රීඩා කරන්න ඔබට අවම වශයෙන් පහත පහසුකම් සහිත පරිගණකයක් අවශ්‍ය වෙනවා.

OS: Windows 10 x64  
Processor: Intel Core i5-8250U (4 \* 1800) or equivalent; AMD Phenom II X4 965 (4 \* 3400) or equivalent  
Memory: 8 GB RAM  
Graphics: GeForce MX 150 ( 2048 MB); Radeon R7 260X (2048 MB)  
Storage: 5 GB available space

## 5\. HOT WHEELS: UNLEASHED

මතකයකට නගා ගන්න ඔබට කුඩා කාලයේ ක්‍රීඩා කරන්න ලැබුණු කුඩා වාහන ගැන. හිතන්න ඔබට ඒවාහන එක්ක විශාල ධාවන පථයක් නිර්මාණය කරන්න අවස්ථාව ලැබෙනවා කියලා. ඔබට කාර් 60ක් අතරින් කාර් තෝරාගෙන අවශ්‍ය ආකරයට වෙනස්කම් කරමින් hot wheelsවලින් ක්‍රීඩා කරන්න නව HOT WHEELS: UNLEASHED ක්‍රීඩාව සමඟින් ඉඩ ලැබෙනවා. මේක කුඩා දරුවන්ගේ ක්‍රීඩාවක් නොවන බව මතක තබාගන්න ම ඕනේ. නොස්ටැල්ජික් මතක අවුස්සන ගමන් මේ ක්‍රීඩාව ඔනෑම කෙනකුට නොසෑහෙන්න විනෝදාත්මක එකක් වේවි. කාලය ගෙවා දමන්න තවත් හොඳ ම පරිගණක ක්‍රීඩාවක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්.

![](https://chanuka.me/content/images/2026/10/computer-games-for-2022--5.jpg)

නොස්ටැල්ජික් මතක අවුස්සන ක්‍රීඩාවක් – theverge.com

මේ ක්‍රීඩාව ඔබේ පරිගණකයෙන් ක්‍රීඩා කරන්න පහත අවම දෘඩාංග පහසුකම් ඔබට අත්‍යාවශ්‍ය වෙනවා.

OS: Windows 8.1 64-Bit or later  
Processor: Intel Core i5-2500K / AMD FX-6350  
Memory: 8 GB RAM  
Graphics: GeForce GTX 960 / GeForce GTX 1050  
DirectX: Version 11  
Storage: 22 GB available space  
Sound Card: DirectX compatible

---

**මූලාශ්‍ර:**

- Theverge.com
- Trustedviews.com
- Steampowered.com
- Gamespot.com