> ## Content Index
> Fetch the complete content index at: https://chanuka.me/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# Qවලින් අවසන් වෙන Android අතුරුපස
- URL: https://chanuka.me/evolving-android-brand/
- Published: 2019-08-27T07:55:10.000Z
- Updated: 2019-08-27T07:55:10.000Z
- Description: Android Q මෙහෙයුම් පද්ධතියේ සිට සුපුරුදු අතුරුපස නාමකකරණය android මෙහෙයුම් පද්ධතියේ සිදු නොවෙන බවයි වාර්තා වෙන්නේ.
- Author: Chanuka Nadun
- Tags: ප්‍රවෘත්ති සහ වාර්තාමය, android, google, hacking, news, phone, #roar-archive, Roar Archive

[Android](https://en.wikipedia.org/wiki/Android%5F%28operating%5Fsystem%29?ref=chanuka.me) මෙහෙයුම් පද්ධතිය smart ජංගම දුරකථන භාවිතා කරන බොහෝ දෙනා අතරේ අතිශය ජනප්‍රිය මෙහෙයුම පද්ධතියක්. මෙහි ආරම්භයේ සිටම ඉංග්‍රීසි හෝඩියේ අකුරු තිබෙන පිළිවෙලට සෑම Android සංස්කරණයක් හැඳින්වීම සඳහාම අතුරුපසක නමක්, එහෙම නැති නම් රසකැවිල්ලක නමක් භාවිතා වුණා. කොහොම වුණත් මේ කාරණය [Android Q](https://en.wikipedia.org/wiki/Android%5F10%5F%28operating%5Fsystem%29?ref=chanuka.me)වල සිට වෙනස් වෙනවා. Android 10 ලෙසින් ඉදිරියට පැමිණෙන android සංස්කරණය හැඳින්වෙන අතරම ඉදිරියේ දීත් පහසුවෙන් අලුත්ම සංස්කරණය කුමක්දැ යි හඳුනාගත හැකි ආකාරයට නම් කිරීමටත් Google සමාගම තීරණය කර තිබෙනවා.

මේ පිළිබඳව [නිල Blog ](https://www.blog.google/products/android/evolving-android-brand/?ref=chanuka.me) අඩවිය හරහා නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ android මෙහෙයුම් පද්ධතිය බිලියන 2.5ක පමණ active devicesහි භාවිතා වන global operating system එකක් නිසාවෙන් ලෝකයේ ඕනෑම අයෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි අන්දමින් මේ නාමකරණය වෙනස කිරීමට ඔවුන් තීරණය කළ බව යි. එසේම ඔවුන් භාවිතා කරන සමහර අතුරුපස වර්ග ලෝකය පුර එක ලෙසින් ජනප්‍රිය නොවන නිසා මෙන්ම අලුත්ම Android සංස්කරණය කුමක් ද යන්න සෘජුවම සොයාගත නොහැකි වීම වැනි ගැටළු මතුවීම මඟහරවා ගැනීමත් මේ නාමකරණය වෙනස් වීමට බලපා තිබෙනවා. මේ වෙනස්වීම සමග ඔවුන් ඔවුන්ගේ logo එකත් වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා. මෙලෙසින් සිදු වන්නේ 2014 වසරෙන් පසුව යි. කොළ වර්ණය, Android Robot ගේ හැඩය මෙන්ම අකුරුවල වර්ණය ද මේ අනුව වෙනස් වනු ඇති.

![](https://chanuka.me/content/images/2026/10/evolving-android-brand--HeroArticlePage_1500x850.max-1000x1000.jpg.png)

අලුත් logo එක සහ color scheme. (Blog.google)

ඉදිරි සති කිහිපය තුළ දී නිකුත් වීමට නියමිත Android stable release එක සමගින් මේ අලුත් logo එක සහ color scheme භාවිතය ආරම්භවීමට නියමිත යි.