> ## Content Index
> Fetch the complete content index at: https://chanuka.me/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# රහසිගත ආදරය සොයන facebook මංගල සේවාව
- URL: https://chanuka.me/facebook-dating-secret-crush/
- Published: 2019-05-17T11:20:32.000Z
- Updated: 2019-05-17T11:20:32.000Z
- Description: තමන් කැමැත්තෙන් සිටින පුද්ගලයාට කැමැත්ත ප්‍රකාශ කරන්නට පහසුකම් සලසන Secret Crush නම් සේවාව පිළිබඳ පසුගිය දිනෙක පැවති F8 2019 developers conferenceහි දී facebook සමාගම සඳහන් කළා.
- Author: Chanuka Nadun
- Tags: විස්තර වාර්තා, facebook, google, #roar-archive, Roar Archive

සාමාන්‍යයෙන් ආදරවන්තියක්, ආදරවන්තයෙක් හොයා ගන්නකොට අප බොහෝවිට තෝරාගන්නේ සමාන ආශාවන් ඇති සහෘද හදවත් ඇති පුද්ගලයින්. එය තරමක් අපහසු කටයුත්තක් වෙන්න පුළුවන්. අද වෙද්දී එහෙම කෙනෙක් ගැන හිත ගිය ගමන් මුලින්ම කරන දේ වෙන්නේ facebook ඉන්නවා ද කියලා හොයාගෙන, ඔහුව හෝ ඇයව තමන්ගේ මිතුරු ලැයිස්තුවට එකතුකර ගන්න එක. ඒ වගේ කෙනෙක් හොයා ගත්තත් කැමැත්ත ප්‍රකාශ කරන්න ඊට වඩා අපහසු වෙන්න ඉඩ තියෙනවා. පසුගිය අප්‍රේල් මාසේ 30 වෙනි දා පැවති, facebook සමාගමේ[ F8 2019 developers conference](https://newsroom.fb.com/news/2019/04/f8-2019-day-1/?ref=chanuka.me) එකේ දී මේ ගැටළුවට ඔවුන් ලබා දෙන්න හිතාගෙන ඉන්න විසඳුම පිළිබඳව පැහැදිළි කළා. මේ විසඳුම ඔවුන් හඳුන්වන්නේ “**Secret Crush”** යන නමින්. මේ පහසුකම අයත් වෙන්නේ මීට වසරකට පමණ පෙර facebook සමාගම නිවේදනය කළ “facebook Dating” කියන සංකල්පය යටතට යි.

මේ හරහා තමන්ගේ මිතුරු ලැයිස්තුවේ කෙනෙකු පිළිබඳ කැමැත්තක් තියෙනවා නම්, ඒ ගැන දැන්වීමේ හැකියාව ලබා දෙනවා. මේ සේවාවට ඔබේ මිතුරු ලයිස්තුවෙන් නව දෙනෙකු එකතු කරගන්න හැකියාව ලබා දෙනවා. ඒ හරහා ඔහුට හෝ ඇයට ඔබේ **Secret Crush list** එකේ ඔවුන් සිටිනා බව දන්වනවා. ඒ වගේම ඔබේ **Secret Crush list** එකට ඇතුළත් කර ගන්නට හැකි පුද්ගලයින් පිළිබඳ suggestions ලබා දීමත් සිදු කෙරෙනවා. මේ සේවාව ලබාගන්නට නම් ඔබ වයස 18ට වැඩි විය යුතු අතර, මේ සේවාව දෙපාර්ශයටම ක්‍රියාත්මක වීමට නම් ඒ දෙදෙනාම අනෙක් කෙනාගේ **secret Crush list** වල රැඳී සිටිය යුතු යි. Crush එක මේ Dating සේවාව සමගින් එකතු වී නැති නම්, ඔහුගේ හෝ ඇයගේ Secret Crush list එකේ ඔබේ නම නොමැති නම්, මේ පිළිබඳ ඔහුට හෝ ඇයට දැනුම් දීමක් සිදු වන්නේ නම් නැහැ.

![](https://chanuka.me/content/images/2026/10/facebook-dating-secret-crush--1.png)

“**Secret Crush”සේවාව – techcrunch.com**

මේ සේවාව මෙතෙක් ක්‍රියාත්මක වුණේ කොලොම්බියාව, තායිලන්තය, කැනඩාව, ආජන්ටිනාව, සහ මෙක්සිකෝ යන රටවල පමණ යි. නමුත් මේ වසරේ සිට ෆිලිපිනය, වියෙට්නාමය, සිංගප්පූරුව, මලේශියාව, ලාඕසය, බ්‍රසීලය, පීරු, චිලී, බොලිවියා, එක්වදෝරය, උරුගුවේ, පැරගුවේ, ගයනා, සහ සුරිනාම් යන රටවලට මේ සේවාව ක්‍රියාත්මක වෙනවා. මේ සේවාව ලංකාව වෙත ලබා දීමට නම් තව වසර කිහිපයක් ගතවේවි. facebook සමාගමේ අතුරුමුහුණතේ සිට එක දිගට සිදුවන මේ වෙනස්කම් පිළිබඳ මේ වෙද්දී විශාල කතාබහක් ඇතිව තිබෙන බව නම් නොරහසක්.

---

**මූලාශ්‍ර:**

- Independent.co.uk
- Techcrunch.com
- Youtube.com
- Newsroom.fb.com