> ## Content Index
> Fetch the complete content index at: https://chanuka.me/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# Facebook, Instagram, සහ WhatsApp බිඳ වැටීම hacking ප්‍රහාරයක් ද?
- URL: https://chanuka.me/facebook-whatsapp-instagram-down/
- Published: 2019-03-14T09:26:00.000Z
- Updated: 2019-03-14T09:26:00.000Z
- Description: facebook ඇතුළු ප්‍රධාන සේවාවන් ගණනාවක් ඊයේ දිනයේ හදිසි බිඳවැටීමකට ලක්වුණා. ඒ පිළිබඳව යි මේ.
- Author: Chanuka Nadun
- Tags: ප්‍රවෘත්ති සහ වාර්තාමය, facebook, instagram, news, whatsapp, #roar-archive, Roar Archive

ඊයේ දිනයේ සිට Facebook, Instagram යන ප්‍රධානම සමාජ ජාලයන්ගේ බිඳවැටීමක් ලෝකයේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණා. මේ බිඳවැටීම සියලු දෙනාට බල නොපෑ අතර පිරිසකට මේ හරහා දැඩි ලෙසින් බලපෑම් එල්ල වුණා. Photos upload කිරීම share කිරීම, සහ status update කිරීම වැනි ප්‍රධාන පහසුකම් ලොව පුරාම මිලියන ගණනක් පරිශීලකයන් කලබලයට පත් කරන්නට සමත් වුණා. මේ බලපෑම ඉන් නොනැවතී Whats App වෙතත් බලපෑම් එල්ල කරනට සමත් වුණා. group call පහසුකම අඩපණ වීම සහ WhatsApp status දැමීමට නොහැකි වීම වැනි දේ සිදුවුණා. මෙය බලපෑ තවත් සේවාවක් ලෙසින් facebook සමාගම් ජාලය යටතේම පවතින Oculus store එක හරහා games මිල දී ගැනීමට නොහැකි වීම් පිළිබඳවත් ලෝකය පුරාම පරිශීලකයන්ගෙන් පැමිණිලි වාර්තා වෙනවා.

![](https://chanuka.me/content/images/2026/10/facebook-whatsapp-instagram-down--1--2-.png)

බිඳ වැටීම් පිළිබඳව සේවාවන් විසින් පළ කරන ලද twitter පණිවිඩ

ඒ වගේම facebook හරහා sign වීමෙන් ගිණුම් වෙත ඇතුල් වීමට හැකියාව ලබාදුන් Spotify, Tinder වැනි සේවාවන් වෙතත් සම්බන්ධ විය නොහැකි වීම් පිළිබඳව [TechCrunch](https://techcrunch.com/2019/03/13/facebook-instagram-and-messenger-are-down-for-some-users/?ref=chanuka.me) වෙබ් අඩවිය වාර්තා කර තිබුණා. මේ බිඳවැටීම් මාලාව සිදුව ඇතැ යි සැලකෙන්නේ ඇමරිකානු නැගෙනහිර වෙරළබඩ වේලාවෙන් (Eastern Time (ET)) 13 වෙනි බදාදා දහවල් 12.53 පමණයි (ලංකාවේ වේලාවෙන් රාත්‍රී 10.22ට පමණ).

මේ වන විට තත්ත්වය බොහෝ සෙයින් යථා තත්ත්වයට පත්ව ඇති අතර, මෙම බිඳවැටීමට හේතුව “DDOS ප්‍රහාරයක්” නොවන බව නිල වශයෙන් ඔවුන්ගේ twitter ගිණුම් හරහා ෆේස්බුක් සමාගම මේ වන විට නිවේදනය කොට තිබෙනවා. ඒ නිසාවෙන්, මේ සිදුවීම මුලික කරගෙන පැතිරෙන අසත්‍ය කතාවන්ට නොරැවටෙන ලෙස අපි දැනුවත් කරන්න කැමතියි.

![](https://chanuka.me/content/images/2026/10/facebook-whatsapp-instagram-down--2--1-.png)

“DDOS ප්‍රහාරයක්” නොවන බවට Facebook නිල twitter පණිවිඩයCaption

මේ බිඳවැටීම සහ බලපෑ අනෙක් සේවාවන් ගැන වගේම ඕනෑම බොහෝ විට වෙබ් අඩවි බිඳවැටීම් පිළිබඳ live map සපයන [down detector](https://downdetector.com/status/facebook/map/?ref=chanuka.me) වෙබ් අඩවිය හරහා මේ ආකාරයෙන් අදාළසේවාවන් අක්‍රීය වී ඇති ප්‍රදේශයන් සහ කාලය පිළිබඳව දැනට පවතින තත්ත්වය පිළිබඳව විස්තර දැනගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම මේ සිදුවීමට නිල හේතුවක් තවමත් facebook සමාගම ප්‍රකාශ කර නැහැ. ආරංචි මාර්ගවලට අනුව මෙය facebook සමාගමේ server යාවත්කාලීන වීමක් බව තමයි දැනගන්න ලැබෙන්නේ.

මීට දින කිහිපයකට පෙර තමයි facebook ඇතුළු සමාගම් කිහිපයක් එක්ව බල ගැන්වෙන [marea cable එකෙහි ](https://chanuka.me/marea-cable-system-getting-faster/)වේගය පිළිබඳව අපි ඔබට තොරතුරු ගෙන ආවේ.

![](https://chanuka.me/content/images/2026/10/facebook-whatsapp-instagram-down--3--3-.png)

downdetector වෙබ් අඩවියෙන්

---

**මූලාශ්‍ර:**

- Theverge.com
- Techcrunch.com
- Downdetector.com
- fb.com/SLTC.ORG