> ## Content Index
> Fetch the complete content index at: https://chanuka.me/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ජනප්‍රිය Esports තරගාවලි 7ක්
- URL: https://chanuka.me/international-esports-championship-2019/
- Published: 2018-11-28T10:49:20.000Z
- Updated: 2018-11-28T10:49:20.000Z
- Description: මේ වෙද්දී ලෝකය පුරා කතා බහට ලක්වෙන අන්තර්ජාතික මට්ටමේ esports ක්‍රීඩා තරග පිළිබඳව යි මේ.
- Author: Chanuka Nadun
- Tags: games, #roar-archive, Roar Archive

කාලයත් එක්ක තාක්ෂණය දවසින් දවස දියුණු වෙමින් පවතිනවා. මේ දියුණු වෙන තාක්ෂණය එක්ක මිනිස්සු ඔවුන්ගේ නිදහස් කාලය ගෙවන ආකාරයත් වෙනස් වීම සිදුවනවා. 1980 දශකයේ ඇමරිකාවේ ගේම් ආර්කේඩ් කුටිවලින් ඇරඹි තරගකාරි වීඩියෝ ගේම්, අද වන විට ලොව පුරා ඉතා ම ඉක්මනින් ජනප්‍රිය වෙමින් පවතිනවා. අද වන විට ලොකය පුරා මෙම esports ක්‍රීඩකයින් ඔවුන්ගේ වෘත්තිය ලෙස පවා මෙම ක්‍රීඩාවන්වල නිරතවීම සිදු කරනවා. ලංකාව තුළ දැනට esports වෘත්තිය වශයෙන් නියැලෙන්නන් සුලබ නොවුණත්, ලංකාව තුළත් මේ ක්‍රිඩාවට විශේෂ ස්ථානයක් හිමි වී අවසාන යි. සාමාන්‍යයෙන් පාපන්දු තරගයක්, ක්‍රිකට් තරගයක් නැරඹීමට පැමිණෙන මට්ටමට පිරිසක් මේ ක්‍රීඩා සැණකෙළි නරඹන්නත් පැමිණෙනවා. මේ ලිපිය තුළින් කතා බහ කෙරෙන්නේ, ලෝකය පුරා කතා බහට ලක්වෙන අන්තර්ජාතික මට්ටමේ esports ක්‍රීඩා තරග පිළිබඳව යි.

2018 වසර පුරාවට esports ක්‍රීඩාවන්වල නිරත වන බොහෝමයක් දෙනාට විශේෂ අවුරුද්දක් ඒ පෙර වසරවලට වඩා තරගකාරි නව esports ගණනාවක් මේ වසර තුළ දී තරගාවලියට එක්වී තිබීම නිසාවෙන්. මේ වසරේ දෙසැම්බර් මාසයේ සහ ලබන වසර මුල පැවැත්වීමට නියමිත ප්‍රධාන තරගාවලි කිහිපයක් පිළිබඳ ව විස්තර තමයි මේ හරහා ඉදිරිපත් කෙරෙන්නේ.

## Dreamhack Winter

නොවැම්බර් 30 සිට දෙසැම්බර් 3 වෙනි දා දක්වා ස්වීඩන් හි ජෝන්කොපින් (JÖNKÖPING) නගරයේ පැවැත්වීමට නියමිත dreamhack winter තරගාවලිය esports game title සඳහා කැපවුණු බොහෝ දෙනෙකුගේ සිහින තරගාවලියක්. ගිය වසරට සාපෙක්ෂ ව මෙවර තරමක් විශාල ව ඔවුන් තමන්ගේ esports සැණකෙළිය සූදානම් කර තිබෙනවා. premium ticketsවල හිමිකරුවන්ට සියලු කෑමබීම සමග ම The exclusive lounge යනුවෙන් වෙන ම කොටසක් වෙන් කර තිබෙනවා. ඩොලර් 15,000 සිට ඩොලර් 200,000 දක්වා ත්‍යාගයන් මෙවර තරග සඳහා සහභාගි වන්නන්ට ලබා දීමට නියමිත යි. DreamHack’s Got Talent නමින් විශේෂ අංගයකුත් තරගාවලියට ඇතුළත්. මේ හරහා ක්‍රීඩකයන්ට විවේකයක් ලබා දීම සහ ඔවුන් සතු ව පවතින අනෙකුත් දක්ෂතා වේදිකා ගත කිරිම අරමුණු කරගෙන තියෙනවා.

![](https://chanuka.me/content/images/2026/10/international-esports-championship-2019--2.jpg)

Dreamhack Winter 2017 ඡායාරූපයක්- dreamhack.com

## The Summit 10

Dota කියන්නෙ ලංකාවේ ඇතුළු බොහෝමයක් රටවල අතිශයින් ජනප්‍රිය esports ක්‍රීඩාවක්. Dota ක්‍රීඩා කරන බොහෝ දෙනෙකු අතිශයින් ම ප්‍රිය කරන esports event එකක් ලබන මාසයේ පැවැත්වීමට නියමිත යි. දෙසැම්බර් 12 සිට 17 වෙනි දා දක්වා මෙම තරගාවලිය ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි දී පැවැත්වීමට නියමියත යි. මෙවරත් ගිය වර මෙන්ම ඉතා විශාල ත්‍යාග මුදල් ලබා දීමට සංවිධායකයින් සුදානමින් සිටිනවා. ගියවර Evil Geniuses කණ්ඩායම මේ තරගාවලිය ජයග්‍රහණය කළේ වසර 3ක් පිට පිට මේ තරගාවලිය ජයග්‍රහණය කළ virtus.pro කණ්ඩායම පරදවමින්.

![](https://chanuka.me/content/images/2026/10/international-esports-championship-2019--3.jpg)

Dota the Summit 9 ලෝගෝව- joindota.com

## Capcom Cup 2018

Capcom ආයතන මඟින් සංවිධානය කරන, ලෝකය පුරා බොහො දෙනෙකුගේ අවධානය සෑම වසරක ම දිනාගත්ත esports event එකක් විදිහට capcom cup හඳුන්වන්න පුළුවන්. මෙවර එම තරගාවලිය ඇමරිකාවේ පැවැත්වේ. දෙසැම්බර් 15 සහ 16 දින දෙකෙහි පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය ජයග්‍රහණය කරන කණ්ඩායමට ඩොලර් 250,000 ත්‍යාගයක් දිනා ගැනීමට හැකියාව ලැබෙනවා. මෙහි ප්‍රධාන game එක ලෙස Street Fighter V: Arcade Edition ක්‍රීඩාව පැවැත්වෙනවා.

![](https://chanuka.me/content/images/2026/10/international-esports-championship-2019--4.jpg)

Capcom Cup 2017 වසරේ තරගාවලිය- capcomprotour.com

## Genesis 6

පෙබරවාරි මාසයේ පළමු සතියේ ආරම්භ වීමට නියමිත මෙම තරගාවලිය ප්‍රමුඛ වශයෙන් esports කිහිපයක් මත පදනම් වෙනවා. ඒ අතර Super Smash Bros, Ultimate Super Smash Bros, Melee Super Smash Bros (N64) ,Rivals of Aether Splatoon 2 (Capped at 256), Slap City ක්‍රීඩා මුල් තැනක් ගන්නවා. 2009 වසරේ තමයි මේ තරගාවලිය ආරම්භ වෙලා තියෙන්නේ.

![](https://chanuka.me/content/images/2026/10/international-esports-championship-2019--5.jpg)

Genesis 6 වෙනුවෙන් නිර්මාණය කෙරුණු official poster එක- smash.gg

## Evo Japan 2018

ජපානයේ Fukuoka නගරයේ පැවැත්වීමට නියමිත evo japan 2019 තරගාවලියත්, 2019 වසරේ පැවැත්වෙන විශාල ම තරගාවලියක් ලෙස හඳුන්වන්න පුළුවන්. 2018 වසරේ තරගාවලිය ජපානයේ Tokyo හි දී පැවැත්වුණා. එහි තරග සඳහා ලබාදුන් මුළු මුදල ඇමරිකානු ඩොලර් 1,417,629.20 ලෙස දැක්වුණා. තරග 153ක් ගිය වසරේ මෙහි දී දකින්නට ලැබුණා.130,000කට අධික සහභාගී වීම් ගිය වසරේ දකින්නට ලැබුණා. මෙවර තරගාවලිය පෙබරවාරි මාසයේ 15 දින සිට ආරම්භ වෙනවා.

![](https://chanuka.me/content/images/2026/10/international-esports-championship-2019--6.jpg)

ගිය වසරේ පැවති තරගාවලියේ ඡායාරූපයක්.- polygon.com

## MDL 2019

MDL 2019 කියන්නෙත් dota ක්‍රීඩා කරන බොහෝ දෙනෙකුගේ සිහින තරගාවලියක්. [Mars Dota 2 League](https://liquipedia.net/dota2/Mars%5FDota%5F2%5FLeague?ref=chanuka.me) කෙටියෙන් භාවිතා කරමින් මෙම නම යොදා තිබෙනවා. මේ තරගාවලියේ ප්‍රධාන event එකක් (major event) 2019 පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත යි. ගිය වසරේ තරගාවලියේ prize pool එක දැක්වුණේ ඩොලර් 1,000,000 ලෙස යි.

![](https://chanuka.me/content/images/2026/10/international-esports-championship-2019--7.jpg)

ගිය වසරේ MDL 2018 වෙනුවෙන් නිර්මාණය කෙරුණු poster එකක්- crystalisdota.com

## IEM Katowice

2019 පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත විශාල ම තරගාවලියක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. පෙබරවාරි 21 වන දා සිට මාර්තු මාසයේ 3 වෙනි දා දක්වා මෙය පැවැත්වීමට නියමිත යි. ඩොලර් 1,000,000ක පමණ ත්‍යාග මුදලක් සමගින් මෙවර තරගය පැවැත්වෙනවා. මෙහි IEM යනු Intel Extreme Masters යන්න යි. intel සමාගම වගේ ම තවත් ප්‍රසිද්ධ සමාගම් රාශියක් මෙම තරගයට දායකත්වය සපයනවා. පෝලන්තයේ දී මේ තරගාවලිය මෙවර පැවැත්වෙනවා. මාර්තු මාසයේ 3 වෙනි දා අවසාන තරගය පැවැත්වෙනවා.

![](https://chanuka.me/content/images/2026/10/international-esports-championship-2019--8.jpg.jpg)

විශාල පිරිසක් සහභාගි වන Intel Extreme Masters තරගාවලිය- afkgaming.com

---

**මූලාශ්‍ර:**

- dreamhack.com
- Wikipidia.org
- Afkgaming.com
- Polygon.com
- Capcomprotour.com
- youtube.com
- crystalisdota.com