> ## Content Index
> Fetch the complete content index at: https://chanuka.me/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# Microsoft Laptop එකක් මිල දී ගන්න – “Mac Book” වෙතින් ඉල්ලීමක්
- URL: https://chanuka.me/microsoft-vs-apple-advertising-war/
- Published: 2019-08-07T11:21:48.000Z
- Updated: 2019-08-07T11:21:48.000Z
- Description: කාලයකට පෙරත් ඉතාම දීර්ඝ ලෙසින් පැවතුන Microsoft සහ apple සමාගම් අතර ප්‍රචාරණ යුද්ධය නැවතත් ආරම්භ වී තිබෙනවා. මේ ඒ පිළිබඳව සහ මැක් බුක් සිදු කළ යෝජනාව පිළිබඳව යි.
- Author: Chanuka Nadun
- Tags: විශේෂාංග, 2019, apple, Microsoft, tech, #roar-archive, Roar Archive

Microsoft සහ apple සමාගම් අතර ප්‍රචාරණ යුද්ධය නැවතත් ආරම්භ වී තිබෙනවා. මේ ප්‍රචාරණ යුද්ධය කාලයකට පෙරත් ඉතාම දීර්ඝ ලෙසින් පැවතුනා. මෙය නැවත ආරම්භ වීමට හේතුව බවට පත් වෙන්නේ [Surface Laptop 2](https://www.microsoft.com/en-us/p/surface-laptop-2/8xqjkk3dd91b?activetab=pivot%3Aoverviewtab&OCID=FY20Q1%5Fsoc%5Fomc%5Fsur%5Fyt&ref=chanuka.me) එක වෙනුවෙන් microsoft සමාගම නිෂ්පාදනය කරන ලද වෙළඳ දැන්වීමක්.

![](https://chanuka.me/content/images/2026/10/microsoft-vs-apple-advertising-war--1.jpg)

“You should get a Surface — trust me, I’m Mac Book,” – theverge.com

මේ වෙළඳ දැන්වීමේ පෙනී සිටින පුද්ගලයාගේ සැබෑ නම වෙන්නේ Mackenzie Book නම් වන අතර, “Mac Book” යනුවෙන් ඔහුව මිතුරන් අතරේ හඳුන්වනු ලබනවා. මේ වන විටත් මේ Videoව හරහා ඔවුන්ගේ Surface Laptop 2 පරිගණකය වෙත විශාල ප්‍රසිද්ධියක් ලබා දීමට Microsoft ආයතනයට හැකි වී තිබෙනවා. ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු වූ මේ පුද්ගලයා Macbook පරිගණකය සමග Surface Laptop එක සංසන්දනය කරමින් මැක් පරිගණකයට වඩා Microsoft Surface Laptop 2 එක හොඳ බව පෙන්වා දෙනවා. අවසානයේ **“You should get a Surface — trust me, I’m Mac Book,”** ලෙසින් ද පවසනවා. මේ වෙළඳ ප්‍රචාරණ යුද්ධය අද ඊයේ ආරම්භ වූවක් නොවෙයි. අද කාලයක් පුරාවට පැවතුන එකක්. 

මේ වැනි විවිධ මඩ ගසාගැනීම් ප්‍රමුඛ පෙළේ සමාගම් අතර සුලභව සිදුවන දෙයක්. එක එක සමාගම්වල අඩුපාඩු හෝ විවිධ උපාංගවල අඩු ලුහුඬුකම් පෙන්වා දෙමින් තමන්ගේ සන්නාමයේ උපාංග මිල දී ගන්නා ලෙස මූලික වශයෙන් මේ වෙළඳ දැන්වීම් බොහොමයක සඳහන් වෙනවා. මෑත කාලීනව විශාලව ප්‍රසිද්ධියට පත් වූ samsung ingenious campaign එක ඔබට මතක ඇති. 

මෙවැනි වෙළඳ දැන්වීම්වලට අමතර තවත් විවිධ ප්‍රචාරණ උපක්‍රම භාවිත කරන්නට ලෝකයේ අතිශය ජනප්‍රිය සමාගම් පෙළඹෙනවා. වරෙක huawei සමාගම නවතම ඇපල් ජංගම දුරකථනය මිල දී ගැනීමට පෝලිමේ සිටි Apple fansලා හට power banks ලබා දී තිබුණා. ඒ “ Here’s a power bank you’ll need it” යන පාඨය සමග යි. 

ඔබ දුරකතනයක් හෝ යම් උපාංගයක් මිල දී ගන්නවා නම් මෙවැනි ප්‍රචාරනයන් නිසාවෙන් පමණක් එය මිල දී ගැනීම එතරම් හොඳ දෙයක් නම් නෙවෙයි. ඔබ මිල දී ගන්නා භාණ්ඩයේ Reviews පිළිබඳව වගේම එය භාවිතා කර තිබෙන පුද්ගලයන්ගේ user reviews වැනි දේ පිළිබඳව යම් අධ්‍යයනයකින් අනතුරුව යම් මිල දී ගැනීමක් සිදු කිරීම නුවණට හුරු යි. 

---

**මූලාශ්‍ර:**

- Youtube.com
- Technews.lk
- Softpedia.com
- softpedia.com
- Theverge.com