> ## Content Index
> Fetch the complete content index at: https://chanuka.me/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ඒ දවස්වල අතිශය ජනප්‍රිය messaging platforms 8ක්
- URL: https://chanuka.me/old-instant-messaging-services/
- Published: 2019-01-22T11:26:23.000Z
- Updated: 2019-01-22T11:26:23.000Z
- Description: ලෝකයේ අතිශය ජනප්‍රිය ව පැවති instant messaging ක්‍රමයන් පිළිබඳ ව ඔබට මතකාවර්ජනය කරන්න යි මේ ලිපිය හරහා බලාපොරොත්තු වෙන්නේ.
- Author: Chanuka Nadun
- Tags: ඇප්, facebook, google, youtube, #roar-archive, Roar Archive

අද වන විට භාවිතයේ තියෙන whatsapp, facebook messenger, viber සහ විශාල වශයෙන් ජනප්‍රිය messaging platform සහ smartphone පැමිණෙන්නට පෙර ලෝකයේ අතිශය ජනප්‍රිය ව පැවති instant messaging ක්‍රමයන් පිළිබඳ ව ඔබට මතකාවර්ජනය කරන්න යි මේ ලිපිය හරහා බලාපොරොත්තු වෙන්නේ. අද වෙද්දී පණිවිඩ හුවමාරුව අතිශය දියුණු මට්ටමක යි පවතින්නේ. නමුත් ඒ දවස්වල instant messaging කරන්න පහසුකම් තිබුණේ ඉතා ම සුළු apps ප්‍රමාණයක්. සමහර විට ඒ දවස්වල ඔබත් මෙවැනි යෙදුම් භාවිත කරන්නට ඇති. මෙවැනි පහසුකම් අද මේ පවතින මට්ටමට සමාජ ජාලයන් රැගෙන එන්නට පිටිවහලක් වුණා.

## **ICQ**

“I Seek You”. යන තේරුම අරගෙන තමයි මෙයට නම තබා තියෙන්නේ. 1996 වසරේ පමණ ඇරඹි, මෙම සේවාව ඒ දවස්වල තිබුණු ප්‍රධානම instant messaging සේවාව බවට පත් වුණා. ඕනෑම කෙනෙකුට මෙය අමතක නොවෙන්නේ, මෙහි ඇති විශේෂ නාදය නිසාවෙනුයි. අලුතෙන් පණිවිඩයක් පැමිණි විට [“uh-oh!”](https://www.youtube.com/watch?v=6iCPIUGnHQ8&ref=chanuka.me) නමින් නාදයක් නිකුත් කරමින් ඒ බව හඟවන්නේ සමහර විට භාවිත කරන්නා තරමක් අපහසුතාවයට පත් කරමිනුයි. කෙසේ වුව, මෙම සේවාව අදටත් ක්‍රියාත්මක ව පවතිනවා. [icq.com](https://icq.com/?ref=chanuka.me) වෙබ් අඩවිය හරහා ඔබටත් මේ සේවාව සමග එකතු වෙන්න පුළුවන් .

![](https://chanuka.me/content/images/2026/10/old-instant-messaging-services--1.png)

පැරණි සහ නව අතුරුමුහුණත් – medium.com

## **AOL Instant Messenger (AIM)**

තවත් අතිශය ජනප්‍රිය ව පැවති instant messaging සේවාවක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. 1997 වසරේ [AIM](https://www.lifewire.com/using-buddy-chat-in-aim-1949337?ref=chanuka.me) සමාගම ආරම්භ කළ මේ AOL සේවාව ඉතා ම ඉක්මනින් විශාල පරිශීලකයන් පිරිසක් ග්‍රහණය කර ගැනීමට සමත් වූ සේවාවක්. කෙසේවෙතත්, 2017 වසරේ දී මෙම සේවාව නවතා දමනු ලැබුවා. පහළින් ඇති වීඩියෝව ඔබට ඒ සේවාවේ මතකයන් ආවර්ජනය කරාවි.

![](https://chanuka.me/content/images/2026/10/old-instant-messaging-services--2.jpg)

AOL Instant Messenger අතුරුමුහුණත – tampabay.com

## **MSN/ Windows Live Messenger**

MSN Messenger සේවාව 1999 වසරේ ආරම්භ වුණු සේවාවක්. 2000 වසරේ අතිශය ජනප්‍රියත්වයට පත්වුණු මෙම සේවාව 2005 වසරේ දී Windows Live Messenger නමින් නම් කෙරුණා. 2009 වසර පමණ වෙද්දී මේ සේවාව සමග ක්‍රියාකාරී පරිශීලකයින් මිලියන 330ක් පමණ රැඳී සිටියා. කෙසේ නමුත්, 2014 වසරේ දී මෙය සම්පුර්ණයෙන් ම නවතා දැමුණේ එහි පරිශීලකයින් skype වෙත යොමු කරවමිනුයි.

![](https://chanuka.me/content/images/2026/10/old-instant-messaging-services--3.png)

Windows Live Messenger අතුරුමුහුණත- windows-live-messenger.soft32.com

## **Yahoo! Pager (Yahoo! Messenger)**

1998 දී yahoo සමාගම ඔවුන්ගේ ම instant messaging සේවාවක් හඳුන්වා දුන්නා. ඒ Yahoo! Pager නමින්. නමුත් පසුකලෙක මෙය Yahoo! Messenger නමින් නම් කෙරුණා. කෙසේවෙතත්, 2018 දී මෙය නවතා දමන තෙක් ම සැලකිය යුතු මට්ටමේ පිරිසක් මේ සේවාව සමග රැඳී සිටියා .

![](https://chanuka.me/content/images/2026/10/old-instant-messaging-services--4.jpg)

yahoo සමාගමේ instant messaging සේවාව- static.techspot.com

## **iChat**

ඇපල් සමාගමේ මුල්ම instant messaging සේවාව iChat ලෙසින් හඳුන්වනවා. එය මැක් පරිශීලකයින් සඳහා AIM සේවාවේ ම කොටසක් ලෙසින් ක්‍රියාත්මක වුණා. මේ සේවාව එකල මැක් පරිශීලකයන් අතර අතිශය ජනප්‍රිය සේවාවක් ව පැවතුණා. 2014 දී ඇපල් සමාගම මෙම සේවාව නවතා දැමුවා.

![](https://chanuka.me/content/images/2026/10/old-instant-messaging-services--5.jpg)

ඇපල් සමාගමේ මුල්ම instant messaging සේවාව- macworld.com

## **Google Talk**

Google+ සමාජ ජාලය සහ Hangouts හඳුන්වා දෙන්නට පෙර මෙය, ගූගල් සමාගමේ instant messaging සේවාව ලෙස ක්‍රියාත්මක වුණා. GTalk/ GChat ලෙසිනුත් මෙය හඳුන්වාදෙනු ලැබුණා. කෙසේවෙතත්, පසු කලෙක Hangouts පහසුකම ලෙසින් මෙය වැඩිදියුණු කෙරුණා.

![](https://chanuka.me/content/images/2026/10/old-instant-messaging-services--6.png)

ගූගල් සමාගමේ instant messaging සේවාව – hackspc.com

## **Gaim (Pidgin)**

මුල දී එතරම් ම ප්‍රසිද්ධියට පත් නොවුණත්, 1998 වසරේ ඇරඹි මෙම සේවාව 2007 පමණ වන විට පරිශීලකයන් මිලියන 3 පසු කළා. මෙම instant messaging සේවාව අදටත් ඔබට [www.pidgin.im](https://www.pidgin.im/?ref=chanuka.me) වෙබ් අඩවිය ඔස්සේ භාවිතා කළ හැකියි. මේ සේවාව ඔවුන් හඳුන්වනු ලැබුවේ සියලු instant messaging සේවාවන් සඳහා භාවිතා කළ හැකි “the universal chat client” නමින්.

## **MySpace IM**

2006 වසරේ නිකුත් වුණ මෙම සේවාව, instant messaging හඳුන්වාදුන් ප්‍රථම සමාජ ජාලයන් කිහිපය අතරින් එකක් ලෙස හඳුන්වනවා. දැනට අප අතර අතිශය ජනප්‍රිය සමාජ ජාලයක් නොවුණත්, අදත් [myspace.com](https://myspace.com/?ref=chanuka.me) සක්‍රිය සේවාවක්. ඔබටත් පුළුවන් සම්බන්ධ වෙලා බලන්න.

![](https://chanuka.me/content/images/2026/10/old-instant-messaging-services--8.png)

instant messaging හඳුන්වා දුන් ප්‍රථම සමාජ ජාලයක්

මේ හැර තවත් මෙවැනි සේවාවන් රාශියක් භාවිතාවේ පැවතියා. ඔබ දන්නා වෙනත් සේවාවන් තිබේ නම්, පහළින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා.

---

**මූලාශ්‍ර:**

- Youtube.com
- Lifewire.com
- Myspace.com
- Pidgin.im
- hackspc.com
- macworld.com
- Techspot.com
- macworld.com