> ## Content Index
> Fetch the complete content index at: https://chanuka.me/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ලංකාවේ online වෙසක් සැමරුම්
- URL: https://chanuka.me/online-vesak-celebration/
- Published: 2019-05-23T10:55:02.000Z
- Updated: 2019-05-23T10:55:02.000Z
- Description: ගෙවුණු අඳුරු කාල පරිච්ඡේදය නිසාවෙන් වෙනදා මෙන් වෙසක් මංගල්‍යය සැමරීමට නොහැකි වුණු නමුත් මෙවර වෙසක් මංගල්‍යය තරමක් වෙනස් විදිහට සමරු ලාංකිකයන් පිරිසක් ගැනයි මේ.
- Author: Chanuka Nadun
- Tags: විශේෂාංග, 2019, hack, tech, #roar-archive, Roar Archive

Roar ටෙක් විදිහට අප [ගේම්වලින් ගේමක් දෙන්න යන, ලංකාවේ ගේමර්ස්ලා](https://chanuka.me/esports-culture-in-srilanka/) ගැන වගේම ජාත්‍යන්තරය ජය ගන්න සූදානම් වෙන [ලංකාවේ නිර්මාණය වූ games ](https://chanuka.me/srilankan-esports-industry/)ගැනත් ලිපි පල කළා ඔබට මතක ඇති. මේ කියන්න යන්නේ ලංකාවේ පිරිසක් ටිකක් වෙනස් ආකාරයකට ලංකාවේ සම්ප්‍රදායික උත්සවයක් සමරපු ආකාරය ගැන. [Multi Theft Auto San Andreas](https://mtasa.com/?ref=chanuka.me) එහෙමත් නැත්නම් MTA San Andreas කියන්නේ ලෝකයේ බොහෝ දෙනෙක් ක්‍රීඩා කරන multiplayer video game එකක්. මේ ක්‍රීඩාව ගැන කතා කරද්දී [OnlineLK team එක](https://onlinelk.net/?ref=chanuka.me) කියන්නේ අමතක කරන්නම බැරි පිරිසක්. මේ ක්‍රීඩාව ලාංකිකයන්ට සමීප කිරීමට පෙරමුණ ගත පිරිසක් ලෙසින් මොවුන් හඳුන්වන්න පුළුවන්. 2011 වසරේ සිට මේ පිරිස මේ කටයුත්තේ නිරත වෙනවා.

![](https://chanuka.me/content/images/2026/10/online-vesak-celebration--1.png)

San Andreas online වෙසක් කලාපය

පසුගිය කාලයේ සිදු වූ කණගාටුදායක සිදුවීම් මාලාව නිසාවෙන් පුරුදු පරිදි වෙසක් උත්සවය සැමරීම තරමක් අපහසු දායක කටයුත්තක් බවට පත්වුණා. නමුත් OnlineLK Team එකට හැකි වුණා තරමක් වෙනස් විදිහට වෙසක් සමරන්න තාක්ෂණයත් එක්ක නිතර ගැටෙන තරුණ ප්‍රජාවට අවස්ථාවක් ලබා දෙන්න. ඒ ඔවුන් ගේ වෙසක් කලාපය හරහා. මේ වෙසක් කලාපය පැවැත්වෙන්නේ online වීම තමයි මෙහි තියෙන සුවිශේෂීත්වය වෙන්නේ. පසුගිය වසරේ ඔවුන් පැවැත්වූ වෙසක් කලාපයට වඩා මේ වසරේ ඇති උත්කර්ෂවත් අන්දමින් එය නිර්මාණය කරමින් පවත්වන්නට ඔවුන් කටයුතු කර තිබුණා. සාමාන්‍ය වෙසක් සැමරුමක් සේම දන්සැල්, වෙසක් තොරණත්, රුවන්වැලි මහා සෑ ආකෘතියක් පවා මෙහි නිර්මාණය කර තිබීම විශේෂී වුණා. වෙසක් අසිරිය විඳගන්න වගේම අලුත් මිතුරන් හඳුනගන්නත් මේක හොඳ අවස්ථාවක්. ඒ වගේම OnlineLK Team එක ඔවුන්ගේ server එකේ වෙසක් බලන්න එන අයට විශේෂ තෑගි කිහිපයක් ද ලෑස්ති කර තිබෙන බව අපට දැනගන්න ලැබුණා. ඔබත් මේ වෙසක් කලාපය හා එක්වෙන්න කැමැත්තක් දක්වනවා නම් පහත link එක හරහා San Andreas game එක download කරගෙන ඔබගේ PC එකේ ස්ථාපනය කළ යුතු වන අතර, ඊට අමතරව MTA Client Application එක ද install කරගත යුතු වෙනවා.

- San Andreas Game (671MB): [http://redir.onlinelk.net/dl/sa](http://redir.onlinelk.net/dl/sa?ref=chanuka.me)
- MTA Client Application (50MB): [http://redir.onlinelk.net/dl/mta](http://redir.onlinelk.net/dl/mta?ref=chanuka.me)

මේ Game එක සහ Supporting software එක install කළ පසුව පහත server address එක ඇතුළත් කර OnlineLK MTA San Andreas **Freeroam Server එකට** connect වෙලා ඔබටත් MTA Online වෙසක් අසිරිය විඳගන්න අවස්ථාව ලැබෙනවා.

**Server Address:** mtasa://mta.onlinelk.net:22003

Game එක install කිරීම හෝ මේ පිළිබඳව යම්කිසි ගැටළුවක් ඇත්නම්[ Messenger සේවාව හරහා ඔවුන්ව සම්බන්ධ කරගැනීමේ හැකියාව](https://m.me/MultiTheftAutoSanandreas?ref=chanuka.me) ද පවතිනවා.

![](https://chanuka.me/content/images/2026/10/online-vesak-celebration--2.png)

Digital පහන් දැල්වීම සඳහා ක්‍රියත්ම වූ වෙබ් අඩවිය

මීට අමතරව තවත් පරිසක් විසින් රටේ වෙසක් අසිරිය ලොවට පෙන්වීම සඳහා [vesak.ceyentra.lk](https://vesak.ceyentra.lk/?ref=chanuka.me) නම් වෙබ් අඩවියක් මුදාහැර තිබුණා මේ හරහා, ලෝකයාට අපේ හදවත් තුළ නොනැසී පැවතුන වෙසක් ආලෝකය රැගෙන යාම අරමුණු වුණා.

---

**මූලාශ්‍ර:**

- Technews.lk
- vesak.ceyentra.lk