> ## Content Index
> Fetch the complete content index at: https://chanuka.me/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ප්‍රින්ටර්ස් 50,000ක් hack කර, යූ ටියුබ් චැනල් promote කිරීම
- URL: https://chanuka.me/pewdiepie-tseries-youtube-war/
- Published: 2018-12-13T11:12:52.000Z
- Updated: 2018-12-13T11:12:52.000Z
- Description: PewDiePie channel සහ T-series අතර පවතින වැඩි ම subscribers ප්‍රමාණයක් ලබා ගැනීමේ තරගය නිසා හැක් වුණ printers 50,000 ගැන යි මේ. .
- Author: Chanuka Nadun
- Tags: විශේෂාංග, 2018, google, hackers, hacking, technology, war, #roar-archive, Roar Archive

ලෝකයේ දැනට විශාලතම video sharing platform එක ලෙස සැලකෙන[ youtube ](https://www.youtube.com/?ref=chanuka.me)වෙබ් අඩවිය ආරම්භ වන්නේ 2005 වසරේ දී යි. ඒ කාඩ් හර්ලි (card hurley), ස්ටීව් චෙන් (steve Chen), සහ ජාවඩ් කරීම් (Jawed Karim) යන තිදෙනාගේ දායකත්වයෙන් පසු ව Google 2006 දී YouTube මිල දී ගත්තේ ඇමරිකන් ඩොලර් බිලියන 1.65කට යි. මේ නිසාවෙන් ම මේ වෙබ් අඩවිය ලෝකය පුරා ම බොහෝ දෙනෙකුගේ ආකර්ෂණයට ලක් වුණා. youtube සඳහා video නිර්මාණය කරන ඕනෑම අයෙකුගේ බලාපොරොත්තුව තම channel එක වෙත පිරිස ගෙන්වා ගැනීම සහ subscribers ප්‍රමාණය විශාල කර ගැනීමට යි. අද වන විට මෙය මුදල් ඉපයීමේ මාධ්‍යයක් ලෙසින් බොහෝ දෙනෙක් භාවිත කරන නිසාවෙන් ඔවුන් අතර ඇත්තේ අතිවිශාල තරගයක්. වසරක් අවසන් වෙද්දී වසරේ වැඩි ම subscribers ප්‍රමාණයක් හිමිකර ගත නාලිකාව වීම ඕනෑම ප්‍රධාන පෙලේ නිර්මාණකරුවෙකුගේ සිහිනයක්.

ලෝකයේ වැඩිම subscribers ප්‍රමාණය ලබා ගැනීම සඳහා මේ වන විට [PewDiePie ](https://m.youtube.com/user/PewDiePie/videos?ref=chanuka.me) සහ [T- Series](https://en.wikipedia.org/wiki/T-Series%5F%28company%29?ref=chanuka.me) channel අතර විශාල තරගයක් ඇති වී තිබෙනවා. මේ වන විට subscribers ප්‍රමාණය දැක්වෙන්නේ PewDiePie 74,445,221 ලෙසත් T-Series 74,050,300 ලෙස යි. මේ තරගකාරීත්වය නිසා ම විශාල වශයෙන් අන්තර්ජාලය හරහා මෙන්ම විවිධ නගරවල දැන්වීම් පුවරු හරහාත් දැන්වීම් ප්‍රචාරය කරන්නට මේ channel දෙක වගේ ම විවිධ පුද්ගලයිනුත් ක්‍රියාකර තිබුණා.

මේ තරගය නිසා ම PewDiePie channel එකේ රසිකයෙක් විසින් තරමක් වෙනස් ප්‍රචාරණ මාධ්‍යක් තෝරාගෙන තිබුණා. ඔහු සිදුකර තිබුණේ ලෝකය පුරා ම අන්තර්ජාලයට සම්බන්ධ කර ඇති මුද්‍රණ යන්ත්‍ර (printers) 50,000කට අධික ප්‍රමාණයක් hack කර, ඒ හරහා PewDiePie channel එක subscribe කරන ලෙස සඳහන් ලියවිල්ලක් මුද්‍රණය කිරීම යි.[ HackerGiraffe](https://twitter.com/HackerGiraffe?ref=chanuka.me) යන නමින් twitter වෙබ් අඩවියේ තමන් හඳුන්වා ගන්නා මේ පුද්ගලයා [open port ](https://askleo.com/whats-an-open-port/?ref=chanuka.me)සඳහා scan කිරීමක් සිදුකර ඒවායේ තිබූ ආරක්ෂක දුර්වලතාවයක් හරහා (security vulnerability) මේ ප්‍රහාරය සිදුකර තිබෙනවා. ඔහු මේ සඳහා භාවිත කර තිබෙන්නේ PRET නමින් හඳුන්වන [විවෘත මුලාශ්‍ර tool kit](https://github.com/RUB-NDS/PRET?ref=chanuka.me) එක යි. මෙමඟින් ඔහුට මුද්‍රණ යන්ත්‍රයේ file system එකට වගේ ම memory එකටත් ප්‍රවේශයන් ලබාගන්න පුළුවන්. ඒ වගේ ම එම tool එක මඟින් මුද්‍රණ යන්ත්‍රය වෙත යවන ලබන ග්‍රහණය, දත්ත කර ගනිමින් වෙනස් කිරීමට හැකියාව ලබා දෙනවා. [www.shodan.io](http://www.shodan.io/?ref=chanuka.me) වෙබ් අඩවිය හරහා scan කරමින් සිටින අතරතුර දී මේ දුර්වලතාවය ඇති printers 800,000න් 50,000කට පමණ මෙම ප්‍රහාරය සිදුකරන්නට ඔහු සමත් වුණා.

![](https://chanuka.me/content/images/2026/10/pewdiepie-tseries-youtube-war--1.jpg)

මුද්‍රණය කරන ලද ලියවිල්ලක් – Theverge.com

මිනිසුන් මෙවැනි ‘හැකර්වරුන්ට එවන් දෑ සිදුකළ හැකි ද?’ පිළිබඳ ව අවතක්සේරු කරන බවත්, මේ කටයුත්ත ඉතා ම පහසු කටයුත්තක් වූ බවත් ඔහු Theverge.com වෙබ් අඩවියට පවසා තිබුණා. twitter පණිවිඩයක් තබමින් ඔහු ප්‍රකාශ කොට තිබුණේ වීඩියෝ ක්‍රීඩාවක නිරතවෙමින් සිටින අතරතුර දී යමක් හැක් කිරීමට ඔහුට පැමිණි සිතිවිල්ලක් නිසා මෙය කිරීමට සිතූ බව යි. මෙවැනි දුර්වලතාවයන් භාවිත කරමින් දත්ත සොර ගැනීමට වගේ ම මුද්‍රණ යන්ත්‍රවලට හානි කිරිමටත්, malware වැනි දෑ install කිරීමටත් හැකි බව මොහු පෙන්වා දී තිබෙනවා.

![](https://chanuka.me/content/images/2026/10/pewdiepie-tseries-youtube-war--2.png)

හැකර්වරයාගේ twitter පණිවිඩය

කෙසේ වෙතත්, මේ ක්‍රියාව නිසාවෙන් ලෝකය පුරා මේ පිළිබඳ ව විශාල කතාබහක් ගොඩ නැඟුණා. ප්‍රචාරණය වගේ ම PewDiePie channel එකට කළු පැල්ලමක් එක් කරන්නත් මේ සිදුවීම සමත් වුණා. බොහෝ දෙනෙක් සිතා තිබුණේ PewDiePie හි හිමිකරු ස්වීඩන් ජාතික Felix Arvid Ulf Kjellberg මේ තම youtube නාලිකාව ප්‍රවර්ධනය සඳහා මේ කටයුත්ත සිදුකළ බවට චෝදනා එල්ල වුණා. මේ HackerGiraffe මේ වන විට ඔහුගේ twitter ගිණුම හරහා tutorials වැනි දේ ලබාදීමත් ආරම්භ කරලා තියෙනවා. මේ සියල්ල අතරේ ඔහු වෙත ලෝකයේ ජනප්‍රිය ම youtubersලාගෙන් සහාය පළ වුණා. ඔවුන් තරග වදින්නේ මුළු රටකට ම එරෙහිව බව සඳහන් කරමින් විවිධ video පළ කරන්නටත් ඔවුන් උත්සුක වුණා.

*PewDiePie යනුවෙන් 100,000 වතාවක් කියවීම*

ආසියානු රටවල youtube වීඩියෝ නිර්මාණකරුවන්ගෙනුත් මෙයට නොදෙවෙනි සහායක් T- Series වෙත හිමි වුණා. තවමත් මේ තරගය ඉතා ම උණුසුම් මුහුණුවරක් ගන්න නිසාවෙන් දැනට වැඩි ම subscribers ප්‍රමාණයක් ලබා ගනිමින් සිටින PewDiePie නාලිකාවට විශාල අභියෝගයක් එල්ල වී තිබෙන බව නම් පැහැදිලි යි. මේ නිසාවෙන් ම PewDiePie විසින් ගීතයක් පවා නිකුත් කරමින්, තමන් T- Series පරදවන බව කියා තිබුණා. ඒ ගීතයත් youtbe, spotify, apple music ඇතුළු විවිධ මාධ්‍යයන් අතර ජනප්‍රිය වුණා. එම ගීතයට ඔහු නම තබා තිබුණේ bitch lasagna ලෙස යි.

---

**මූලාශ්‍ර:**

- Theverge.com
- Thehackernews.com
- youtube .com
- Twitter.com