> ## Content Index
> Fetch the complete content index at: https://chanuka.me/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# Play store අරක්ගත් Joker Malware
- URL: https://chanuka.me/the-joker-virus/
- Published: 2019-09-11T10:56:06.000Z
- Updated: 2019-09-11T10:56:06.000Z
- Description: මේ apps ඔබේ දුරකතනයේ තිබෙනවා නම් ඔබේ දත්ත සහ බැංකු දත්ත අනතුරේ. ඒ google play හරහා පැතිරෙන The joker නම් මැල්වෙයා එක නිසා යි!
- Author: Chanuka Nadun
- Tags: ඇප්, android, malware, phone, spam, virus, #roar-archive, Roar Archive

Google සමාගම තමන්ගේ යටතේ පවතින play store එක කෙතරම් ආරක්ෂාකාරීව තබා ගන්න උත්සාහ කළත් හානිදායක apps කෙසේ හෝ එතුළ ක්‍රියාත්මක වීමට මාර්ගයන් සොයාගන්න බව නැවතත් පැහැදිලි වුණේ පසුගිය දිනෙක හඳුනාගන්නා ලද **‘the Joker’ Malware** එක සමග යි. මේ malware එක පසුගිය දිනක් වෙනතුරුම හඳුනාගැනීමට හැකියාව ලැබී තිබුනේ නැහැ. apps 24ක් තුළ මෙය ක්‍රියාත්මක වෙමින් තිබුණු බවට [Aleksejs Kuprins](https://medium.com/csis-techblog/analysis-of-joker-a-spy-premium-subscription-bot-on-googleplay-9ad24f044451?ref=chanuka.me) නම් පරිගණක ආරක්ෂණ පර්යේෂකයා අනාවරණය කර ගැනීමට සමත් වුණා. පහත සඳහන් වෙන්නේ දැනට මේ මැල්වෙයා එක අඩංගු වූ බවට හඳුනාගත් Android apps.

- Advocate Wallpaper
- Age Face
- Altar Message
- Antivirus Security – Security Scan
- Beach Camera
- Board picture editing
- Certain Wallpaper
- Climate SMS
- Collate Face Scanner
- Cute Camera
- Dazzle Wallpaper
- Declare Message
- Display Camera
- Great VPN
- Humour Camera
- Ignite Clean
- Leaf Face Scanner
- Mini Camera
- Print Plant scan
- Rapid Face Scanner
- Reward Clean
- Ruddy SMS
- Soby Camera
- Spark Wallpaper

මේ applications ඔබේ ජංගම දුරකතනයෙත් අඩංගු වෙනවා නම් වහාම එය ඉවත් කර [ප්‍රති වයිරස ](https://www.techradar.com/in/best/best-android-antivirus-app?ref=chanuka.me)aplication එකක් install කරගන්න ලෙස අපි ඔබට මතක් කරනවා. කොහොම වුණත් google සමාගම මේ මැල්වෙයාර් එක හඳුනාගෙන playstore වෙතින් ඉවත් කරවන විටත් අදාළ apps downloads 472,000 පසු කර තිබුණු බව වාර්තා වෙනවා. මේ මැල්වෙයාර් එක මඟින් සිදු වෙන්නේ දුරකථන පරිශීලකයාගේ අනුදැනුමකින් තොරව විවිධ සේවාවන් register කර, ඒවා වෙත මුදල් ලබාගන්න බව හඟවමින් ඔවුන් ගෙන් මුදල් ලබා ගැනීම යි (පරිශීලකයෙකු ලියාපදිංචි වීමට සිදුවන ක්‍රියාවලිය අනුකරණය කිරීම යි). ඒ වගේම මේ malware එකට ඔබේ දුරකතනයට එන ගෙවීම් තහවුරු කරන sms පණිවුඩ ඔබේ අවසරයකින් තොරව හඳුනා ගනිමින් පිටපත් කර ගන්නට ද හැකියාව තියෙනවා. 

![](https://chanuka.me/content/images/2026/10/the-joker-virus--1--map.png)

‘The Joker’ මැල්වෙයාර් එක ප්‍රධාන වශයෙන් ඉලක්ක කරගත් රටවල්- threatpost.com

[Kuprins](https://medium.com/csis-techblog/analysis-of-joker-a-spy-premium-subscription-bot-on-googleplay-9ad24f044451?ref=chanuka.me)ට අනුව මේ මැල්වෙයාර් එක රටවල් 37ක පමණ දැඩිලෙස පැතිර තිබෙනවා. කෙසේ වෙතත් දැනට මේ මැල්වෙයාර් එක ආසාදනය වී ඇති බවට හඳුනාගත් apps සියල්ලම ඉවත් කිරීමට google සමාගම කටයුතු කර තිබෙනවා. ඔබ මේ apps ඔබේ දුරකතනයට install කර ඇති නම් ඔබේ online ගිණුම්වල සහ බැංකු ගිණුම්වල සැක කටයුතු subscription වැනි දේවල් පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බව ඔහු සඳහන් කරනවා. 

පෙරත් මෙවැනිම සිදු වීම් කිහිපයක්ම වාර්තා වුණා. ඔබට මතක ඇති, [“Play Store එකෙන් apps ගන්නේ බලාගෙන යි”](https://chanuka.me/playstore-apps-steals-your-details/) වැනි ලිපි හරහා අප ඒ පිළිබඳව ඔබට තොරතුරු ගෙන ආවා. තාක්ෂණික ලෝකයේ ජිවත් වෙන ඔබ හැමදේම පිළිබඳව අවධානයෙන් සිටීම ඉතාම වැදගත්.