> ## Content Index
> Fetch the complete content index at: https://chanuka.me/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# උපාංග මිලියන ගණනකට WhatsApp අහිමි වේ
- URL: https://chanuka.me/whatsapp-android-iphone-update-ios-not-working/
- Published: 2019-12-13T11:41:43.000Z
- Updated: 2019-12-13T11:41:43.000Z
- Description: දුරකතන මිලියන ගණනකට WhatsApp සහාය දැක්වීම නවතා දැමීමට සමාගම තීරණය කර තිබෙනවා. එහි ඇත්ත නැත්ත වගේම, හදිසියේම පරිශීලකයන් වෙත WhatsApp Dark Mode enable වීම ගැනත් මෙම ලිපියේ අන්තර්ගත වෙනවා.
- Author: Chanuka Nadun
- Tags: ප්‍රවෘත්ති සහ වාර්තාමය, 2019, android, iOS, iPhone, tech, whatsapp, #roar-archive, Roar Archive

ලෝකය පුරා අතිශය ජනප්‍රිය [Messaging](https://chanuka.me/old-instant-messaging-services/) App එකක් ලෙස [WhatsApp ](https://archive.roar.media/sinhala/search/whatsapp/?ref=chanuka.me)හඳුන්වන්න පුළුවන්. මේ වසර පුරාවට WhatsApp, ලෝක මාධ්‍ය වගේම සමාජ මාධ්‍ය තුළත් විශාල වශයෙන් පුවත් මවන්නට සමත් වුණා. පසුගිය දිනෙක සිට ඉතාම දැඩි ලෙස සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වෙන මාතෘකාවක් ලෙස WhatsApp දුරකතන මිලිනය ගණනකට සහාය දැක්වීම නවත්වා දැමීමට එම සමාගම ගෙන ඇති තීරණය හඳුන්වන්න පුළුවන්. මේ ලිපිය හරහා අපේ බලාපොරොත්තුව ඒ කතාවේ ඇත්ත නැත්ත පිළිබඳව ඔබව දැනුවත් කිරීම යි. [Facebook](https://archive.roar.media/sinhala/search/facebook/?ref=chanuka.me) සමාගම සතුව පවතින ප්‍රධානතම[ messaging platform](https://chanuka.me/old-instant-messaging-services/) අතර WhatsApp ප්‍රධාන තැනක් ගන්නවා. ලෝකයේ බොහෝ රටවල මෙන්ම ලංකාවේත් ප්‍රධානතම පණිවිඩ හුවමාරු කරගන්නා ක්‍රමයක් ලෙස මෙය භාවිත වෙනවා. පසුගිය දිනෙක Facebook සමාගම ඔවුන්ගේ Support Page එක හරහා දන්වා සිටියේ 2020 පෙබරවාරි පළමු වෙනිදා සිට පැරණි මෙහෙයුම් පද්ධති ක්‍රියාත්මක වෙන දුරකථනවලට තවදුරටත් whatsapp සහාය නොදක්වනු ඇති බව යි. 

මෙලෙස සහාය දීම නවත්වා දමන දුරකථන වෙන්නේ, 2014 වසරේ ඇපල් සමාගම හඳුන්වාදුන් iOS 8 හෝ ඊට පැරණි මෙහෙයුම් පද්ධති සංස්කරණයන් ක්‍රියාත්මක වෙන iPhone දුරකතන. 2010 වසරේ නිකුත් වූ Android 2.3.3 (Gingerbread) මෙහෙයුම් පද්දති ධාවනය වෙන දුරකථන වෙතත් WhatsApp සහාය දැක්වීම නවතා දමන්නට සමාගම තීරණය කර තිබෙනවා. ඒ වගේම පැරණි මෙහෙයුම් පද්ධති ධාවනය වෙන දුරකතනයකින් නව ගිණුම් නිර්මාණය කිරීමක් හෝ පවතින ගිණුමක් verify කිරීමක් සිදුකළහොත්, ඒ ගිණුම් block වීමට ද යම් ඉඩක් පවතින බව වාර්තා වෙනවා. මේ ආරංචිය සමග බොහෝ දෙනෙක් පළ කළ මතයක් වන්නේ; කෙමෙන් කෙමෙන් අභාවයට යන Microsoft සමාගමේ Winodws දුරකතන වෙත WhatsApp සහාය දීම නවතා දමනු ඇති බව යි. නමුත්, Windows 8.1 සහ නව සංස්කරණ ධානාවය වෙන දුරකතන වෙත මෙයින් බලපෑමක් නොවන බව තමයි දැනගන්නට ලැබෙන්නේ. 

## **අහම්බෙන් Dark Mode enable වීම** 

![](https://chanuka.me/content/images/2026/10/whatsapp-android-iphone-update-ios-not-working--1.png)

Dark Mode enable කරගන්න හැටි ගැන පළ වූ සටහනක්

[Dark Mode ](https://archive.roar.media/sinhala/search/Dark%20Mood/?ref=chanuka.me)කියන්නේ දුරකතන භාවිත කරන ඕනෑම කෙනෙක් අත්විඳින්න කැමති පහසුකමක්. බොහොමයක් apps වෙත මේ වෙද්දීත් Dark Mode එකක් හඳුන්වා දී අවසන්. දුරකතනය රාත්‍රී කාලයේ දී පාවිච්චි කරද්දී සුදු තිරය තරමක් ඇසට අපහසුවක් බවට පත් වෙනවා. තිරය මතට Filters (Blue Light filters) එකතු කිරීම Reading Mode වැනි පහසුකම් බොහෝ නිෂ්පාදකයන් විසින් ලබා දෙන නමුත්, කළු පැහැති පසුබිම් යොදාගැනීම හෙවත් Dark mode එකක් සහිත Apps පාවිච්චි කිරීම ඊටත් වඩා සාර්ථක විසඳුමක්. විශේෂයෙන්ම Amoled / Oled / Super Amoled තිර සහිත දුරකතන පරිශීලකයන්ට විශාල වශයෙන් බැටරි ආයු කාලය ඉතිරි කර ගන්නත් හැකියාව Dark Mode ඔස්සේ ලැබෙනවා. WhatsApp පරිශීලකයන් මේ පහසුකම කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් පසුවන පහසුකමක්. පසුගිය දිනෙක අපූරු ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. ඒ, Bug එකක් හේතුවෙන් WhatsApp Dark Mode එක enable වීමක් ගැන යි. මෙය සිදුව තිබෙන්නේ WhatsApp හි Beta සංස්කරණයන් භාවිත කරන පරිශීලකයන් කිහිප දෙනෙකුට යි. 

YouTube link එකක් WhatsApp හරහා තවත් කෙනෙකුට යැවීමෙන් පසුව එහි thumbnail එක click කර picture-in-picture (PIP) ලෙස Video එක Play කළ විට ඉබේම WhatsApp Dark Mode එකක් enable වූ බව ඔවුන් සඳහන් කර තිබුණා. මේ අත්දැකීමට මුහුණ දී තිබුණේ android 10 මෙහෙයුම් පද්දතිය භාවිත කරන පරිශීලකයන් කිහිපදෙනෙකු යි. හැබැයි මේක ඉතාම සුළු පිරිසකට පමණක් සිදු වූ දෙයක් බව තමයි අපට නම් දැනගන්න ලැබුණේ. කොහොම වෙතත්, මේ වෙද්දී එම ගැටළුව නිරාකරණය කරන්නට පිළියම් යොදන්න සමාගම කටයුතු කර තිබෙනවා. 

![](https://chanuka.me/content/images/2026/10/whatsapp-android-iphone-update-ios-not-working--2.png)

අහම්බෙන් enable වූ Dark Mode

මේ පිළිබඳව independent.co.uk ඇතුළු වෙබ් අඩවි ගණනාවක් සිදුකළ විමසීම් වෙත WhatsApp සමාගම නිසි පිළිතුරු ලබා දී නැහැ. ඒ වගේම නිල වශයෙන් WhatsApp Dark Mode එක ලබාදෙන දිනයක් පිළිබඳවත් කසිම ආකාරයකට ප්‍රකාශයක් සමාගම නිකුත් කර නැහැ.

මෙම ලිපිය කියැවූ ඔබට WhatsApp ගැන අප මීට ඉහත දී පළ කළ ලිපි පෙළක්ම මෙන්න. 

[WhatsApp හරහා ඔබේ දුරකතනය හැක් වෙයි ද?](https://chanuka.me/whatsapp-spreding-virus/)

[Whatsapp එකෙන් ඊශ්‍රායල සමාගමක් වෙත නඩු!](https://chanuka.me/whatsapp-sues-israeli-security-firm-for-injecting-malware/)

[Whatsapp statusවල දී කළ හැකි අලුත්ම හෝඩුවාවන් සහ ප්‍රයෝග කීපයක්](https://archive.roar.media/sinhala/tech/insights/whatsapp-status-tips-and-tricks-2019/?ref=chanuka.me)

[නම් වෙනස් කරන Instagram සහ whatsapp](https://chanuka.me/instagram-whatsapp-renamed-facebook-branding/) 

[Facebook, Instagram, සහ WhatsApp බිඳ වැටීම hacking ප්‍රහාරයක් ද?](https://chanuka.me/facebook-whatsapp-instagram-down/)

---

**මූලාශ්‍ර:**

- Independent.co.uk
- traveloffpath.com
- Theverge.com
- Thenextweb.com
- Washingtonpost.com
- Edition.cnn.com
- Vice.com
- Arstechnica.com
- Gadgetsnow.com