> ## Content Index
> Fetch the complete content index at: https://chanuka.me/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# Whatsappවල මේ hacks ගැන ඔබ දන්නවද?
- URL: https://chanuka.me/whatsapp-hacks-tricks/
- Published: 2021-07-17T09:41:55.000Z
- Updated: 2021-07-17T09:41:55.000Z
- Description: ලෝකේ තියෙන ජනප්‍රියම messaging app එක විදිහට WhatsApp හැඳින්වුවොත් ඒකෙ වරදක් නැහැ. මේ ලිපිය ලෝකේ මෙතරම් පිරිසක් භාවිත කරන WhatsAppවල තියෙන ඔබට වැඩ පහසු කරගන්න අවස්ථාව උදාකරන Tricks සහ වඩාත් පහසුවෙන් WhatsApp භාවිත කරන්න පුළුවන් වෙන hacks ගැනයි.
- Author: Chanuka Nadun
- Tags: ඇප්, Play-store, #roar-archive, Roar Archive

ඔබත් මාත් ඇතුළු ලෝකයේ බිලියන දෙකකට අධික පිරිසක් WhatsApp යෙදුම (software/App) භාවිත කරනවා. ලෝකයේ තියෙන ජනප්‍රියම messaging app එක විදිහට WhatsApp හැඳින්වුවොත් ඒකෙ වරදක් නම් නැහැ. ලෝකේ මෙතරම් පිරිසක් භාවිත කරන WhatsAppවල තියෙන ඔබට වැඩ පහසු කර ගන්න අවස්ථාව උදා කරලා දෙන Tricks සහ වඩාත් පහසුවෙන් WhatsApp භාවිත කරන්න පුළුවන් වෙන හැක්ස් ගැන තමයි මේ ලිපියෙන් ඔබට අරගෙන එන්නේ.

## එකම Phone එකට Whatsapp accounts ගොඩක් හදාගන්නේ මෙහෙමයි.

ඔබේ දුරකථනය සතුව හෝ ඔබ සතුව සිම්පත් එකකට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙනවා නම් ඒ හැම එකටම WhatsApp හදාගන්නත් අවශ්‍ය නම් කරන්න තියෙන්නේ හරිම පහසු වැඩක්. Playstore වෙත ගිහින් [Parallel Space](https://play.google.com/store/apps/details?id=com.lbe.parallel.intl&ref=chanuka.me) හෝ එහා සමාන ඔබේ තිබෙන apps Clone කළ හැකි app එකක් download කරගන්න. ඒ හරහා ඔබට අවශ්‍ය තරම් WhatsApp ගිණුම් ප්‍රමාණයක් ඔබේ දුරකතනයේ තනා ගන්නට පුළුවන්. හැබැයි මතක තබා ගන්න ඔබ ඒ clone කරන්න භාවිත කරන app එක දුරකතනයෙන් ඉවත් ​​කළොත් ඒ සියල්ල ඔබට අහිමි වෙනවා. WhatsAppවිතරක් නොවෙයි බොහොමයක් appsවල ඔබට කැමති තරම් clones හදාගන්න ඔබට මෙය හරහා පුළුවන්.

![](https://chanuka.me/content/images/2026/10/whatsapp-hacks-tricks--1.png)

එක දුරකතනයට WhatsApp ගිණුම් ගොඩක් හදාගන්නේ මෙහෙමයි – techrounder.com

## ඉබේ අතුරුදහන් වෙන messages යවන්නේ මෙහෙමයි

ඔබට ඉතාම සරලව settings හරහා ගිහින් අවශ්‍ය පුද්ගලයාගේ Whatsapp ගිණුමට මේ පහසුකම enable කරගන්න ඔබට පුළුවන්. මේ පහසුකම සක්‍රීය කළ පසු ඔබ නියම කරන කාලයකදී එතැන් පටන් ඔබ යවන පණිවිඩ ඉබේ ම මකා දමන්නට හැකි වන අයුරින් settings හදන්න ඔබට පුළුවන්. ඔබේ රහසිගත පණිවිඩ යවන්න මෙය භාවිත කරනවා නම් එක වරක් අවශ්‍ය පුද්ගලයාට අදාළ Message එක හෝ File එක ඉබේම මැකී යන්නත් settings හදන්න පුළුවන්.

*video : pcguide lk*

## මිතුරන් පළ කරන WhatsApp status download කරමු ද?

WhatsAppවල status දැමීමේ පහසුකම භාවිත කරන ඕනෑම කෙනකුට කරදරකාරී දෙයක් තමයි හැමවිට ම ඔබ පළ කරන status ඉල්ලා එවන පණිවිඩ. ඒවගේම ඔබ තවෙකෙකු ගෙන් එවැනි ලස්සන හෝ ඔබට සම්බන්ධ status එකක් දැක්කම ඉල්ලා ගන්න යන එකත් ඔවුන්ට වදයක් වෙන්නත් ඉඩ තියෙනවා. Status Download කරගන්න හැකියාව ඔබට ලබාදෙන [Status Saver app](https://play.google.com/store/apps/details?id=com.downlood.sav.whmedia&ref=chanuka.me) ඕනෑතරම් ඔබට play store එකෙන් download කරගන්න හැකියාව තිබෙනවා. ඒ හරහා වරක් ඔබ නැරඹු status එකක් ඉතාම පහසුවෙන් download කරගන්න පුළුවන්.

![](https://chanuka.me/content/images/2026/10/whatsapp-hacks-tricks--2--1-.jpg)

Status download කරමු ද?-Screenshot

## Delete කරපු Messages බලමු ද?

WhatsAppවල අපට අපි යවපු පණිවිඩයක් පැයක් ඇතුළත දෙදෙනාටම කියවිය නොහැකි වන ලෙස මකා දමන්නට (Delete for everyone) කිරීමට ඇති හැකියාව ගැන ඔබ දන්නවා. හැබැයි එහෙම delete කරපු messages කියවන්න පුළුවන් මෙවැනි [apps](https://play.google.com/store/apps/details?id=view.deleted.messages&ref=chanuka.me) ඕනෑතරම් හමුවෙනවා. මේ හරහා කරන්නේ ඔබේ දුරකතනයේ WhatsApp message එකක් ආ සැනෙන් එය කියවා එය දුරකතනයේ ගබඩා කිරීමයි. ඒ ඔස්සේ අනෙත් කෙනා එම පණිවිඩය මකා දැම්මත් එය ඔබට කියවන්න හැකියාව මේ app හරහා ලැබෙනවා.

![](https://chanuka.me/content/images/2026/10/whatsapp-hacks-tricks--3.jpg)

3.Delete කරපු Messages කියවන්නේ මෙහෙමයි.- ScreenShot

## Multi-Device පහසුකම සමඟ WhatsApp Desktop Beta

[WhatsApp Web](https://web.whatsapp.com/?ref=chanuka.me) හෝ [WhatsApp Desktop](https://www.whatsapp.com/download?ref=chanuka.me) QR code එකක් scan කර WhatsApp පරිගණකයට ගත හැකි බව ඔබ දන්නවා. ඒ සේවාව භාවිත කරන්න නම් හැම විටම ඔබේ දුරකථනය සතුව අන්තර්ජාල සබඳතාවක් තිබීම අනිවාර්ය වෙනවා. දැන් තවදුරටත් එය එසේ අවශ්‍ය වෙන්නේ නැහැ. මේ නව Multi-Device පහසුකම සමඟ WhatsApp Desktop Beta සංස්කරණය පසුගිය දිනෙක හඳුන්වා දුන්නා.

මේ අනුව අලුත්ම WhatsApp Desktop beta සංස්කරණය භාවිතා කිරීමේදී ජංගම දුරකතනය අන්තර්ජාලයට සම්බන්ධ වී තිබීම අත්‍යාවශ්‍ය නොවන නමුත්, මූලිකව WhatsApp Desktop සංස්කරණය authenticate කරගැනීම සඳහා සුපුරුදු පරිදි QR Code එක scan කිරීම සිදු කළ යුතු වෙනවා. කොහොම නමුත් මේ වන විටත් ඔබ WhatsApp Desktop සංස්කරණය භාවිත කරන්නේ නම්, ඉදිරියේදී එය අලුත්ම beta build එක වෙත ස්වයංක්‍රීයව update කිරීමට WhatsApp ආයතනය කටයුතු කරනු ඇති අතර multi-device beta පහසුකම භාවිත කිරීමට ඔබට නුදුරු අනාගතයේදී ම අවස්ථාව ලැබෙනු ඇති.

මෙහි අපි සඳහන් කරන බොහොමයක් යෙදුම්වලට සමාන යෙදුම් iOS දුරකථන සඳහාත් පවතිනවා. ඒ වගේම මෙහි සඳහන් කරන සමහරක් යෙදුම් සඳහා Administrator අවසරය සහ ඔබේ පණිවිඩ කියවීමට අවසර ලබා දීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ පිළිබඳ සැලකිලිමත් වෙලා මේ යෙදුම් හෝ ඊට සමාන යෙදුම් භාවිත කරන්න කියලා අපි ඔබට මතක් කරන්න කැමති.

මීට පෙර [ලිපි ගණනාවකින්](https://archive.roar.media/sinhala/search?query=WhatsApp&ref=chanuka.me) WhatsApp යෙදුම් ගැනත් අපි ඔබට කිව්වා මතක ඇති. එහි ආරක්ෂණ ගැටලු, Hack කිරීම් පිළිබඳවත් අප කරුණු වාර්තා කළා. 

---

**මූලාශ්‍ර:**

- Technews.lk
- Theverge.com
- News.google.com
- 9to5mac.com
- Techradar.com
- Entrepreneur.com