> ## Content Index
> Fetch the complete content index at: https://chanuka.me/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ලෝකයේ අතිශයින් ම ජනප්‍රිය සංගීත සැණකෙළි 6ක්
- URL: https://chanuka.me/world-famous-music-festivals/
- Published: 2018-12-14T11:27:31.000Z
- Updated: 2018-12-14T11:27:31.000Z
- Description: විවිධ රටවල්, විවිධ ශානරයන් මුල්කරගෙන පැවැත්වෙන විශාල සංගීත සැණකෙළි අද ලෝකයේ අතිශය ජනප්‍රිය යි. මේ එවන් සැණකෙළි 6ක් ගැන යි.
- Author: Chanuka Nadun
- Tags: #roar-archive, Roar Archive

විවිධ රටවල්, විවිධ ශානරයන් (genre) මුල්කරගෙන පැවැත්වෙන විශාල සංගීත සැණකෙළි අද ලෝකයේ අතිශය ජනප්‍රිය යි. සමහරක් සැණකෙළි එක දිනකට සීමා නොවී දිනගණන් පැවැත්වෙන අවස්ථා දකින්න ලැබෙනවා. සංගීතය ළැදි ඔබ වෙනුවෙන්ම යි මේ විස්තරය ගෙන එන්නේ. ලෝකයේ අතිශය ජනප්‍රියතත්වයට සහ ජනාදරයට පත්වුණු සංගීත සැණකෙළි පිළිබඳව යි මේ.

## **Tomorrowland**

ලෝකයේ අතිශයින් ම ජනප්‍රිය[ tomorrowland](https://www.tomorrowland.com/global/?ref=chanuka.me) සංගීත සැණකෙළිය 2005 වසරේ තමයි ආරම්භ වුණේ. මේ වන විට වැඩි ම ජනකායක් සම්බන්ධ වන සංගීත සැණකෙළිය ලෙස මෙය හඳුන්වනවා. 2018 වසරේ මේ සැණකෙළිය පැවැත්වුණේ බෙල්ජියම්වල. මේ සඳහා 400,000කට අධික EDM (electronic dance music) සංගිත ලෝලීන් පිරිසක් සහභාගී වෙලා තියෙනවා ඒ වගේ ම ලෝකයේ මෑතක දී මියගිය ප්‍රසිද්ධ dJ කෙනෙකු වන [Avicii](https://en.wikipedia.org/wiki/Avicii?ref=chanuka.me) වෙනුවෙන් අනෙක් සහෝදර ශිල්පීන් ඔහුගේ ගීත කිහිපයක් ම වාදනය කිරීම සුවිශේෂී ව කැපී පෙනුණා. මෙවරත් මේ සැණකෙළිය සති අන්තයන් දෙකක් පුරාවට පැවැත්වුණා. 2019 වසරේ tomorrowland සැණකෙළිය ජූලි 19 වෙනි දා ආරම්භ වීමට නියමිත යි. ශ්‍රී ලංකාව නියෝජනය කරමිනුත් dj ශිල්පින් මේ සැණකෙළියට සහභාගී වෙලා තියෙනවා.

![](https://chanuka.me/content/images/2026/10/world-famous-music-festivals--1.jpg)

ලෝකයේ අතිශයින් ම ජනප්‍රිය tomorrowland සංගීත සැණකෙළිය- tomorrowland.com

## **Fuji Rock Fest**

ලෝකයේ පිරිසිදු බව අතින් ඉහළ ම සංගීත සැණකෙළිය ලෙස හඳුන්වන [Fuji Rock Fest](https://www.fujirockfestival.com/?ref=chanuka.me) සැණකෙළිය පැවැත්වෙන්නේ ජපානයේ. Rock, Electronic Music ආශ්‍රිත ව මෙම සැණකෙළිය පැවැත්වෙනවා. 1997 ආරම්භ වුණ මේ සැණකෙළිය අද වන විට ජපානයේ අතිශය ජනප්‍රියත්වයට පත්වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් 100,000කට ආසන්න සංගීත ලොලීන් පිරිසක් සම්බන්ධ වෙනවා. එමෙන්ම ලෝකයේ ජනප්‍රිය සංගීත ශිල්පීන් 200කට අධික ප්‍රමාණයක් මේ සැණකෙළියට සම්බන්ධ වෙනවා. 2019 වසරේ මේ සැණකෙළිය ආරම්භ වෙන්නේ ජූලි මාසයේ 26 වෙනි දා යි.

![](https://chanuka.me/content/images/2026/10/world-famous-music-festivals--2.jpg)

පිරිසිදු බව අතින් ඉහළ ම සංගීත සැණකෙළිය- theloophk.com

## **Ultra Music Festival**

තවත් ලෝකයේ ජනප්‍රිය ම සංගීත සැණකෙළියක් ලෙස Ultra Music Festival පුළුවන්. 1999 වසරේ සිට පැවැත්වෙන මෙම සැණකෙළියට වසරකට සාමාන්‍යයෙන් ලොව පුරා edm රසිකයින් 330,000කට අධික පිරිසක් සහභාගී වෙනවා. 2019 වසරේ මේ සැණකෙළිය ආරම්භ වීමට තිබෙන්නේ මාර්තු 29 වෙනි දා යි. [Ranidu Lankage](https://en.wikipedia.org/wiki/Ranidu%5FLankage?ref=chanuka.me) ලංකාව නියෝජනය කරමින් මේ සැණකෙළියට සහභාගි වෙලා තියෙනවා.

![](https://chanuka.me/content/images/2026/10/world-famous-music-festivals--3.jpg)

රසිකයින් 330,000කට අධික පිරිසක් සහභාගී වෙන Ultra Music Festival එක- edmsauce.com

## **Festival Internacional De Benicàssim (FIB)**

බෙනීකැසීම් (Benicàssim) සැණකෙළිය කියන්නේ ස්පාඤ්ඤයේ පැවැත්වෙන විශාලම සංගීත සැණකෙළියක්. මෙයට සාමාන්‍යයෙන් 150,000කට අධික සංගීත ලෝලීන් පිරිසක් සම්බන්ධ වෙනවා. බොහෝ දෙනෙක් හඳුන්වන අන්දමට වසරේ හොඳම ගිටාර වැයීම් දක්නට ලැබෙන ප්‍රසංගයක් ලෙස මෙය හඳුන්වනවා. 1995 වසරේ ඉඳන් මේ දක්වා ම මේ සැණකෙළිය පැවැත්වෙනවා.

![](https://chanuka.me/content/images/2026/10/world-famous-music-festivals--4.jpg)

ස්පාඤ්ඤයේ පැවැත්වෙන විශාලම සංගීත සැණකෙළියක් වන FIB- epimg.net

## **Lollapalooza Chicago**

වසරක් පාසා පැවැත්වෙන මෙම සංගීත සැණකෙළිය එක් සංගීත ශානරයකට පමණක් සීමාවන්නේ නෑ. [Lollapalooza Chicago](https://www.lollapalooza.com/?ref=chanuka.me) 1991 වසරේ දී පළමු ප්‍රසංගය පැවැත්වුණා. විවිධ සංගීතවේදීන් වගේ ම රංගන ශිල්පීන් මේ ප්‍රසංගය වෙත සම්බන්ධ වෙනවා. සාමාන්‍යයෙන් 160,000කට අධික ජනකායක් වසරක් පාසා මේ ප්‍රසංගය වෙත එකතු වෙනවා. දවස් තුනක පමණ කාලයක් මෙම ප්‍රසංගය පැවැත්වෙනවා. 2019 වසරේ අගෝස්තු මාසයේ 1 වෙනි දා මීළඟ වැඩසටහන පැවැත්වීමට නියමිත ව තියෙනවා.

![](https://chanuka.me/content/images/2026/10/world-famous-music-festivals--5.jpg)

Lollapalooza Chicago 2018 ප්‍රසංගයෙන්- hurimg.com

## **Coachella Festival**

250,000කට අධික ජනකායක් එකට එකතුවෙන සංගීත සැණකෙළියක් තමයි [Coachella Festival (Coachella Valley Music And Arts Festival)](https://www.coachella.com/home/?ref=chanuka.me) සැණකෙළිය හඳුන්වන්න පුළුවන්. ලබන වසරේ අප්‍රේල් මාසයේ පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙන මේ ප්‍රසංගය, මුලින්ම ආරම්භ වෙන්නේ 1999 වසරේ දී යි. යුරෝපයේ අතිශය ජනප්‍රිය මේ සංගීත සැණකෙළියත් එක සංගීත ශානරයකට සීමා වෙන්නෙ නෑ.

![](https://chanuka.me/content/images/2026/10/world-famous-music-festivals--6.jpg)

Coachella Festival සැණකෙළිය- losangeles.cbslocal.com