Skip to content

Discord පරිගණක ක්‍රීඩාවේ අඳුරු පැතිකඩ

Discord බොහෝ දෙනකුට නොමිලේ භාවිත කරන්න ලැබෙන අපුරු යෙදුමක්. හැබැයි මෙහි අඳුරු පැතිකඩ පිළිබඳ ව ඔබ දැන සිටියා ද?

Chanuka Nadun

1 min read

Discord පරිගණක ක්‍රීඩාවේ අඳුරු පැතිකඩ
youtube.com/c/Moon-Real

Contents

1 min readBack to top

Jason Citron කියන්නේ කුඩා කාලයේ ඉඳන් ම වීඩියෝ ක්‍රීඩා සඳහා දැඩි ඇල්මක් දක්වපු කෙනෙක්. ඔහුට අනුව අද වෙද්දී මේ පරිගණක සහ වීඩියෝ ක්‍රීඩා මගින් අත් කර ගත හැකි ප්‍රයෝජන බොහොම යි. ඔබ පරිගණක ක්‍රීඩාවලට ඇල්මක් දක්වන කෙනෙක් නම් අනිවාර්යයෙන් ම Discord ගැන අසා ඇති. දැනටමත් භාවිත කරනවත් ඇති. Jason Citron තමයි Discord Platform එකේ නිර්මාතෘ. 

Discord බොහෝ දෙනකුට නොමිලේ භාවිත කරන්න ලැබෙන අපුරු යෙදුමක්. හැබැයි මෙහි අඳුරු පැතිකඩ පිළිබඳ ව ඔබ දැන  සිටියා ද? මේ කියන්න යන්නේ ඔබ මෙතෙක් කල් අසා නැති කතාවක්. Discord  ගැන කතා කරන්න කලින් අපි ටිකක් අතීතයට ගිහින් එමු. ගොඩක් ඈත කාලයකට නෙමෙයි. 

OpenFeint බිහිවීම

2009 පෙබරවාරි 17 openfeint බිහි වෙනවා. මේකේ නිර්මාතෘ වෙන්නෙත් අද කතාවේ ප්‍රධාන චරිතයක් වෙන Discord නිර්මාතෘ Jason Citron ම තම යි. පරිගණක සහ වීඩියෝ ක්‍රීඩා නිර්මාණ කරුවන්ට වගේම ක්‍රීඩකයන්ට වෙන්වුණු මේ යෙදුම හරහා විවිධාකාර Social Media කිහිපයක් එක ම තැනකට අරගෙන එන්න පුළුවන් වුණා. openfeint එළිදක්වලා අවුරුද්දක් ඇතුළත පරිශීලකයන් මිලියන 10ක් ඒ සමඟ එකතු වෙලා හිටියා. ඒ නිසා විවිධ ආයෝජකයන් මේ වෙත ආදී එන්නට පටන් ගත්තා. 

Discord නිර්මාතෘ Jason Citron – medium.com

අනිසි දත්ත ගබඩා කිරීම

openfeint මිලදී ගැනීම සඳහා විශාල ආයතනවලින් යෝජනා ඉදිරිපත් වුණා. අවසානයේ අමෙරිකානු ඩොලර් මිලියන 104කට එය Gree නම් ජපාන සමාගම මිලදී ගත්තා.  මේ ගනුදෙනුව ඉවර වුණු කාලයේ ම වගේ Gree සමාගමට පරිගණක ක්‍රීඩකයන් පිරිසක් නඩු පැවරුවා. ඒ මේ සමාගම ඔවුන්ගේ අතිශය පෞද්ගලික දත්ත ගබඩා කරගෙන ඉන්නවා කියන චෝදනාව යටතෙ යි. මෙලෙස ගබඩා කරගෙන සිටින දත්ත අතරට, ක්‍රීඩකයන්ගේ ලිංගික අනන්‍යතාව, වයස වගේ ම ඔවුන් සිටිනා තැන පිළිබඳ GPS දත්ත පවා ඇතුළත් වෙනවා. කොහොම වුණත් සමාගම මේ ව්‍යාපෘතිය නිල වශයෙන් නවතා දමන බවට 2012 නොවැම්බර් 16 වැනිදා නිවේදනය කළා.  

කොහොම වුණත් මේ අනිසි දත්ත ගබඩා කිරීම ගැන Jason Citron අනිවාර්යයෙන් ම දැන සිටින්නට ඇති. නමුත් එය නවතා දමන්නට ඔහු කිසිවක් නොකිරීම ගැටලු සහගත යි. කොහොම නමුත් Jasonට මේ නඩුවෙන් කිසිම ගැටලුවක් ඇති වුණේ නැහැ. මොකද ඒ වෙද්දීත් ඔහු  සමාගම විකුණා අවසන්. ඒ වගේම Jasonට මේ නඩුව ඔහුගේ ඊළඟ ව්‍යාපෘතිය වෙත යන්නත් කිසිම ගැටලුවක් වුණේ නම් නැහැ. ඒ තමයි Discord.

Discord කෙටියෙන්

අවුරුදු 7කට කලින්  ඒ කියන්නේ 2015 මැයි 07 වැනිදා පළමු වරට ලෝකයට Discord හඳුන්වා දෙනවා. openfeintවලට අතිශය සමාන ව්‍යාපාර මොඩියුලයක් රැගත් මෙය VoIP සහ instant messaging social platform එකක් විදියටයි ලෝකය වෙත නිකුත් වෙන්නේ. 2021  වනවිට එහි ලියාපදිංචි වී ඇති පරිශීලකයන් ප්‍රමාණය මිලියන 300 ඉක්මවනවා. දිනකට මිලියන 14කට අධික ප්‍රමාණයක් පරිශීලකයන් ලෝකය පුරා මේ platform එක භාවිත කරනවා. මේකේ  Discord වල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 15කට ආසන්න බව ඇස්තමේන්තු ගත කරලා තියෙනවා.  

Discord අතුරු පරිශීලක මුහුණත – support.discord.com

පරිශීලකයන්ට සම්පුර්ණයෙන්ම නොමිලේ භාවිත කරන්න දෙන Discord සල්ලි හොයන්නේ කොහොමද? Technically කිව්වොත් Discord කියන්නේ Free app  එකක් නෙමෙයි. මේක Premium  එකක්. ඒ කියන්නේ සම්පූර්ණයෙන් ම නොමිලේ භාවිත කරන්න දෙන  සේවා සඳහා මුදල් ගෙවා භාවිත කරන්නත් පුළුවන් සේවාවක්. Noitro කියල මේ සේවාවේදී හඳුන්වන්නේ එලෙස මුදල් ගෙවා unlock කර ගන්නා විශේෂ සේවා යි.  

රතු කොඩි?

මේක ලෝකේ විශාල පිරිසක් භාවිත කරන සේවාවක්. මේ විදිහේ Premium තත්ත්වය යටතේ පමණක් මෙය පවත්වාගෙන යන එක සේවකයන්ගෙ වේතනයන් ගෙවන්න, විවිධාකාර බිල් ගෙවන්න වගේ දේවල් වලටවත් ප්‍රමාණවත් ද? එතකොට මේ ආයතනය ලාභ ලබන්නේ කොහොමද? Jason Citron කියන්නේ වරක් පරිශීලක දත්ත අවභාවිතය ගැන ආසන්නව චෝදනා ලබන්න ගිය කෙනෙක්. Jason Citron පරිශීලක දත්ත වෙනත් සමාගම්වලට නොවිකුණා ඉඳීවි ද?

ඔය ඔක්කොටම වඩා ටිකක් සැක සහිත කතාවක් තියෙනවා. හිතන්න ඔබට ඕනේ වෙනවා සදහට ම Discord ඉවත් කරන්න. ඒ කියන්නේ සම්පුර්ණ profile එකම delete කරන්න. හරිම ලේසිනේ සෙටින්ග්ස්වලට ගිහින් ඩිලීට් කෙරුවම මේක වෙනව ද? ඇත්තට ම කිව්වොත් ඔව් සහ නැහැ කියන දෙක ම කියන්න පුළුවන්. ඔබ සම්පුර්ණයෙන් ම delete කරන්න කියන විධානය දීල සති දෙකකින් ඔබට මේ ගිණුමේ access අහිමි වෙනවා.  හැබැයි ගිණුම සම්පුර්ණයෙන් ම නැති වෙන්නේ නැහැ. ඔබගේ ගිණුම rename වෙනවා deleted user කියලා ඒ වගේම ඔබටම වෙන් වෙච්ච user code එකකුත් ඒ අගින් දකින්න ලැබෙනවා.  හැබැයි ඔබ යවපු පණිවිඩ තවමත් තව කෙනකුට කියවන්න හැකියාව තියෙනවා.

Art. 17 GDPR Right to erasure (‘right to be forgotten’) යන මේ පනතට අනුව යම් සේවාවකින් පරිශිලකයෙන් තම සියලු දත්ත සදහට ම ඉවත් කර ගැනීමට තීරණය කර තිබෙනවා නම් එයට සම්පූර්ණයෙන් ම  අදාළ සමාගම සහාය දෙන්න බැඳී ඉන්නවා.  

end to end encrypted 

Discord කියන්නේ තව දුරටත් පරිගණක ක්‍රීඩකයෝ විතරක් භාවිත කරන යෙදුමක් නෙමෙයි, දැන් එය එදිනෙදා පණිවිඩ හුවමාරුව සඳහා භාවිත වෙන  තත්ත්වයට ඇවිත්. mozilla foundation  එකට අනුව 2022 වනවිටත් Discord කියන්නේ end to end encrypted platform එකක් නෙමෙ යි. යම් විදිහකට හැකර් කෙනෙක් අතට මේ දත්ත පත් වුණොත් වෙන්න පුළුවන් දේවල් හිතා ගන්න පුළුවන්  නේද? ඒවගේ ම Discord moderatorsලා විශේෂයෙන් Groupsවල පණිවිඩ කියවන බවට යම් යම් පරිශීලකයන් චෝදනා කරනවා.

2022 කියන්නේ හැම පණිවිඩ හුවමාරු යෙදුමක් ම වගේ තමන් end to end encrypted කියන පෙන්වන්න හදන කාලයක්. එත් ඇයි discord මෙහෙම නොකරන්නේ.

මෙතනින් rabbit hole එක ගැඹුරු වෙන්න පටන් ගන්නවා. ඒවගේම ගොඩක් අඳුරු වෙන්නත් පටන් ගන්නවා. හැබැයි ඒ ගැන දැනගන්න වෙන්නේ ඉදිරියේ දි යි.


මූලාශ්‍ර:

  • Businessinsider.com
  • Topclassactions.com
  • Hypebeast.com
  • Npr.org
  • Fortune.com
  • Stealthoptional.com
  • Nytimes.com
  • Openfeint.com
  • Corp.gree.net
  • Techcrunch.com
  • Archive.org
  • Foundation.mozilla.org