Skip to content

නම් වෙනස් කරන Instagram සහ whatsapp

ලෝකයේ අතිශය ජනප්‍රිය Instagram සහ WhatsApp සේවාවන්වල නම වෙනස් කිරීමට Facebook ආයතනය තීරණය කර තිබෙනවා.

Chanuka Nadun

1 min read

නම් වෙනස් කරන Instagram සහ whatsapp
fastcompany.net

Contents

1 min readBack to top

Facebook සමාගම Instagram සහ whatsapp මිල දී ගැනීමෙන් අනතරුව විශාල වෙනස්කම් රාශියක් සිදු කරනු ලැබුවා. මේ කියන්න යන්නේ ඔවුන් සිදු කරන්නට යන අලුත්ම වෙනස්කම පිළිබඳව යි. ලෝකයේ බොහෝ දෙනෙකු භාවිතා කරන Instagram සහ whatsapp සේවාවන් දෙක හඳුන්වන නාමයන් වෙනස් කිරීමට facebook සමාගම තීරණය කර තිබෙනවා.

නම් වෙනස් වෙන Instagram සහ whatsapp – technes.lk

Instagram 2012 අප්‍රේල් 9 වැනිදාත්, 2014 පෙබරවාරි 14 whatsapp සේවාවත් මිල දී ගැනීමෙන් අනතුරුව, එම සේවාවන් දෙකෙහි වර්ධනය විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. මේ වර්ධනයට ප්‍රමාණවත් තරමින් facebook ආයතනයට ගෞරවයක් හිමි නොවීම පිළිබඳව එහි CEO Mark Zuckerberg එතරම් සතුටට පත් නොවන බවයි දැනගන්නට ලැබෙන්නේ. ඒ නිසාවෙන් Facebook නාමය වඩාත් ප්‍රචලිත කිරීම අරමුණු කරගෙන යෝජිත වෙනස්කම සිදුවණු ඇත. Facebook නාමය අදාල සේවාවන් සමග සම්බන්ධ කිරීම ඉතාම ඉක්මනින් සිදු කිරීමට මේ වන විටත් තීරණය කර අවසන්. මේ අනුව Instagram සහ whatsappහි නාමයන් සමග facebook නාමය ද යෙදීමට ඔවුන් කටයුතු කරමින් සිටිනවා. දැනට Instagram ලෙස පවතින නම “Instagram from Facebook” ලෙසත්, WhatsApp, “WhatsApp from Facebook” ලෙසත් ඉදිරියේ දී හැඳින්වෙන බව The Information වෙබ් අඩවිය වාර්තා කර තිබුණා. එය facebookහි සේවය කරන්නන් විසිනුත් සනාත කර තිබූ බව වාර්තා වෙනවා. 

Facebook ආයතනය විසින් 2014 මිල දී ගත් Oculus – theverge.com

නම් වෙනස් කිරීමෙන් අනතුරුව Google Play Store සහ Apple App Storeවල Instagram from Facebook සහ WhatsApp from Facebook ලෙස නම දර්ශනය කිරීමට කටයුතු කරනු ඇති අතර App එක open කරනු ලබන අවස්ථාවේ දී දර්ශනය වන splash screen එක මත ද මේ අලුත් නම් දර්ශනය කිරීමට නියමිත යි. කෙසේ වෙතත් device එකේ home screen එක හෝ app drawer එක මත සුපුරුදු පරිදි Instagram සහ whatsapp ලෙසින් දර්ශනය වේවි. මේ අලුත් වෙනස්කම තවත් සේවාවන් කිහිපයකටම සිදුවණු ඇති බව තමයි වාර්තා වෙන්නේ. මේ වන විටත් Facebook ආයතනය විසින් 2014 මිල දී ගැනුණු Oculus සඳහා මේ වෙනස්කම සිදු කර ඇති බව දැනගන්න ලැබෙනවා. එහි දර්ශනය වෙන්නේ Oculus from Facebook ලෙසිනුයි. 


මූලාශ්‍ර:

  • Technews.lk
  • Techradar.com
  • Theverge.com
  • Fastcompany.net