Skip to content

තව දුරටත් Bluetooth භාවිතය ආරක්‍ෂිත නැද්ද?

Bluetooth තාක්ෂණය ලෝකයේ විශාල පිරිසක් භාවිතා කරන තාක්ෂණයක්. මේ තාක්ෂණය භාවිතා කිරීම තවදුරටත් ආරක්‍ෂිත ද?

Chanuka Nadun

1 min read

තව දුරටත් Bluetooth භාවිතය ආරක්‍ෂිත නැද්ද?
theverge.com

Contents

1 min readBack to top

ලෝකයේ බහුතරයක් දුරකථන, පරිගණක වැනි උපාංග භාවිතා කරන පිරිසට අතිශය වැදගත් වෙන පහසුකමක් තමයි Bluetooth කියන්නේ. නමුත් තවදුරටත් Bluetooth භාවිත කිරීම ඔබේ දුරකතනයට එතරම් ආරක්ෂාකාරී නොවන වග පසුගිය දිනෙක අනාවරණය වුණා. මේ ලිපිය හරහා මේ තත්ත්වය පිළිබඳව වගේම Bluetooth ඉතිහාසය පිළිබඳවත් තොරතුරු ඔබ වෙත ඉදිරිපත් වෙනවා.

දුරකථන පරිගණක වැනි උපාංග භාවිතා කරන පිරිසට අතිශය වැදගත්-fabrikbrands.com

‘නිල්දත්’ ඉතිහාසය 

මේ තාක්ෂණයෙ නිර්මාතෘ විදිහට සැලකෙන්නේ Jaap Haartsen. ඔහු 90 දශකයේ Ericsson සමාගමේ සේවය කළ අයෙක්. UHF radio wave භාවිතයෙන් උපාංගයන් දෙකක් අතර දත්ත හුවමාරු කර ගැනීමට හැකි බවට කළ සොයාගැනීම තාක්ෂණික ලෝකයේ පෙරලියක් බවට පත් වුණා. මුල් අවධියේ දී MC හෙවත් Multi Communicator link වැනි නාමයන් භාවිතා වුණත්, පසු කාලීනව මෙයට Bluetooth යන නාමය යෙදෙන්නේ ඓතිහාසික සිදුවීමක් පසුබිම් කරගෙන ය. ඒ දහවැනි සියවසේ විසූ බවට සැලකෙන Harald Bluetooth නම් රජ කෙනෙකුට ගෞරව කිරීම පිණිස යි. රූනික් හෝඩියේ අකුරු දෙකක් වූ (ᚼ, Hagall) and (ᛒ, Bjarkan) එකතු කර bluetooth ලෝගෝව නිර්මාණය කර තිබේ.

අනාරක්ෂිත යි?

bluetooth පහසුකමේ තිබෙන දුර්වලතාවයක් පසුගිය දිනෙක අනාවරණය කර ගනු ලැබුවා. Bluetooth තාක්ෂණය භාවිතා කරමින් devices දෙකක් සම්බන්ධ වන අවස්ථාවේ දී පිටස්තර පුද්ගලයෙකු හට මෙම දුර්වලතාවය අදාල devicesවල දත්ත ලබාගැනීම සඳහා, සහ ඒවා පාලනය කිරීම සඳහා භාවිතා කළ හැකි වෙනවා. බ්ලූටූත් තාක්ෂණය භාවිත කරමින් උපාංග දෙකක් එකිනෙක සම්බන්ධ කිරීමේ දී connection එක ආරක්ෂා කරගැනීමට encryption keys භාවිතා වෙනවා. නමුත් මෙම දුර්වලතාවය නිසා ඒ keys වෙනුවට ඊට වඩා ආරක්ෂාවෙන් අඩු වෙනත් key එකක් එතන වෙත දැමීමට හැකියාව ලැබෙනවා. මේ attacking ක්‍රමවේදය Key Negotiation of Bluetooth (KNOB) ලෙසින් හඳුන්වනවා. 

කෙසේ වෙතත් එම අවස්ථාවේ දීම උපාංගය hack වීමක් සිදු නොවුනත් brute-force මාදිලියේ ප්‍රහාරයකින් ඉතාම පහසුවෙන් උපාංගවල පාලනය ලබා ගැනීමට hacker වරයාට අවස්තාව ලැබෙනවා. Bluetooth Special Interest Group (Bluetooth තාක්ෂණය පිළිබඳ standards නිර්මාණය කරන ආයතනය) වෙත මෙය නිවැරදි කිරීමට හැකියාවක් නොමැති බවත් සඳහන් වෙනවා. කෙසේ වෙතත් මේ වන විට Microsoft සමාගම විසින් Windows වලටත්, Cisco සමාගම විසින් IP Phones සහ Webex වලටත්, Google සමාගම විසින් Android වලටත්, Apple සමාගම විසින් macOS, iOS සහ watchOSවලටත් මෙන්ම Blackberry සමාගම විසින් ඔවුන්ගේ ජංගම දුරකතනවලටත් මේ වෙනුවෙන් security updates නිකුත් කර අවසානයි. එනිසාවෙන් මේ අවධානමෙන් ගැලවෙන්න ඔබේ පරිගණකයේ හෝ ජංගම දුරකතනයේ මෙහෙයුම් පද්ධතියේ නවතම version එක වෙත යාවත්කාලින කර ගත යුතු යි.