'Hysteria' (හිස්ටීරියාව) කියලා 19 වන ශතවර්ෂයේ කාන්තාවන්ට විතරක් හැදුණු අමුතු ලෙඩක් ගැන ඔබ අසා ඇති. හිටි ගමන් දුක් වෙනවා (chronic anxiety), කේන්ති යනවා (irritability), හිසරදය, බඩේ බර ගතිය (abdominal heaviness) වගේ රෝග ලක්ෂණ ආවහම ඒ කාලේ දොස්තරලා කිව්වේ 'Hysteria' කියලයි.
ඉතින්, දොස්තර මහත්තුරු මේකට අපූරු බෙහෙතක් හොයාගත්තා කියලා කතාවක් තියෙනවා. ඒ තමයි, 'genital massage' (ලිංගික සම්බාහනය) සහ 'Pelvic massage' (උකුළු ප්‍රදේශයේ සම්බාහන) කරලා, කාන්තාවව 'hysterical paroxysm' (එහෙමත් නැත්නම් 'Orgasm' එකක්) වෙත ගෙනල්ලා සුවපත් කරන එක.

මේක "tedious and time-consuming" (එනම්, වෙහෙසකර සහ කාලය කා දමන) වැඩක් නිසා, ඒ මහත්වරුන්ගේ අත්වල මහන්සිය අඩු කරන්න, ඒ වෙනුවට පාවිච්චි කරන්න 'Vibrator' (වයිබ්‍රේටර්) එක නිර්මාණය කළා කියන එක තරමක් ජනප්‍රිය කතාවක්.
මේ කතාව කොච්චර ජනප්‍රිය වුණාද කියනවා නම්, Hysteria (2011) නමින් චිත්‍රපටයක් සහ වාර්තා චිත්‍රපට ගණනාවක්ම මේ කතාව පදනම් කරගෙන නිර්මාණය වුණා.
හැබැයි, ඇත්ත කතාව ඊට වඩා ගොඩක් වෙනස්. අලුත්ම පර්යේෂණ අනුව පේන්න තියෙන්නේ, මේ ජනප්‍රිය කතාව බොහෝ දුරට කරුණු කිහිපයක් එකට පැටලීමෙන් (entangled) නිර්මාණය වූ 'අතිශයෝක්තියක්' (overreach) කියලයි.
'Vibrator' මිත්‍යාව ආවේ කොහෙන්ද?





19 වෙනි සියවසේ 20 වන සියවසේ මුල් භාගයේ ජනප්‍රිය Vibrator උපාංග කිහිපයක්
මේ මුළු කතාවම ලෝකේ පුරා මෙච්චර ප්‍රසිද්ධ වෙන්න ප්‍රධානම හේතුව තමයි 1999 දී එළියට ආපු පොතක්. ඒ තමයි ඉතිහාසඥවරියක් වන Rachel Maines ගේ 'The Technology of Orgasm' කියන පොත.
රෝම කාලේ ඉඳන්ම දොස්තරලා කාන්තාවන්ගේ 'Hysteria' හොඳ කරන්න මේ විදිහට 'masturbation' (ස්වයං වින්දන) පාවිච්චි කළා සහ ඒ අය ගැහැණු ලිංගිකත්වය ගැන හරියට නොදැන, මේක 'sexual' දෙයක් නෙමෙයි "වෛද්‍ය ප්‍රතිකාරයක්" විදිහට කළා කියන එක තමයි ඒ පොතේ ප්‍රධාන අදහස වුණේ.
ඒත්, Hallie Lieberman වගේ අලුත් ඉතිහාසඥයෝ මේ ගැන ආයෙත් හොයලා බැලුවා. Lieberman කියන විදිහට, ඇය Rachel Maines ගේ පොතේ තිබුණු මුල් මූලාශ්‍ර පරීක්ෂා කරලා බලද්දී, ඒ මූලාශ්‍ර වලින් මේ කතාව කිසිසේත්ම ඔප්පු වෙන්නේ නැති බව ඇයට තේරුම් ගිහින් තිබෙනවා.
උදාහරණයක් විදිහට, 'gynaecological massage' (නාරිවේද සම්බාහනය) ගැන කිව්වා කියලා Maines උපුටා දක්වපු එක මූලාශ්‍රයක, ඇත්තටම කතා කරලා තිබුණේ 'period pains' සඳහා electrical currents පාවිච්චි කරන එක ගැන විතරයි.

ඒ පොතේ 'vibrator' ගැනවත් 'hysteria' ගැනවත් කිසිම දෙයක් තිබිලා නෑ. ඒ විතරක් නෙමෙයි, ඒ පොතේ "complete absence from sexual excitement is of the highest importance" (ලිංගික උත්තේජනයෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටීම ඉතා වැදගත්) කියලා විශේෂයෙන්ම අවධාරණය කරලත් තිබුණා.
තවත් ඉතිහාසඥවරියක් වන Helen King පෙන්වා දෙන විදිහට, Maines විසින් පුරාණ රෝම "satire" (උපහාසාත්මක) ලේඛනයක්, සැබෑ වෛද්‍ය වාර්තාවක් විදිහට වරදවා තේරුම් අරගෙන තියෙනවා.
මේ විවේචන ගැන Rachel Maines නම් කියන්නේ, ඇය ඉදිරිපත් කළේ "hypothesis" විතරක් බවත්, අලුත් පර්යේෂකයන් පරණ අයගේ මතවලට අභියෝග කරන එක සාමාන්‍ය දෙයක් බවයි.
Hysteria කියන්නේ ඇත්තටම මොකක්ද?

'Hysteria' කියන මේ ලෙඩේ, වර්තමානයේ රෝගයක් විදිහට තත්වයක් නම් නෙමෙයි. 1952 දී ඇමෙරිකාවේ මනෝ වෛද්‍ය සංගමය (APA) පළවෙනි වතාවට (DSM-I) මේ තත්ත්වය වර්ගීකරණය කරද්දී, 'Hysteria' කියන වචනය වෙනුවට "conversion reaction" (conversion disorder) වගේ වචන පාවිච්චි කරන්න පටන් ගත්තා.
පස්සේ DSM-II එකේදී "hysterical neurosis" කියලා නැවත සඳහන් වුණත් 1980 දී (DSM-III) මේ 'Hysteria' කියන අපැහැදිලි, කාන්තාවන්ට අපහාසයක් වුණු (negative, gendered connotations) වචනය සම්පූර්ණයෙන්ම අයින් කරලා, ඒ රෝග ලක්ෂණ "Conversion Disorder", "Somatization Disorder" සහ "Histrionic Personality Disorder" වගේ වෙනම කාණ්ඩවලට වෙන් කරනවා.
Vibrator මුලින්ම නිර්මාණය වුනේ පිරිමි පාර්ශවය අරමුණු කරගෙන බව ඔබ දන්නවාද?
Dr. J. Mortimer Granville, මුලින්ම Vibrator නිර්ප්‍මාණය කලේ ප්‍රධාන වශයෙන් පිරිමින් සඳහා. ඒ අයගේ කොන්දේ අමාරු, මාංශ පේශිවල වේදනාව, බිහිරි බව, සහ බෙලහීනතාවය (impotence) වගේ රෝග ගණනාවකට ප්‍රතිකාර කරන අරමුණින්.
කොහොම නමුත් පසුකාලීනව මෙය ලිංග භේදයකින් තොරව සර්ව රෝග නිවාරණ යන්ත්‍රයක් ලෙස භාවිතයට ගැනුණා.
මේ වචනේ ඉතිහාසය ඊජිප්තු ශිෂ්ටාචාරය දක්වා අවුරුදු 4000ක් විතර පරණයි. ග්‍රීක භාෂාවෙන් 'hystera' කියන්නේ "ගර්භාෂය" (uterus) යන්නයි. ඒ කාලේ මිනිස්සු හිතුවේ කාන්තාවන්ගේ ගර්භාෂය ඇඟ ඇතුළේ "wandering" (එහා මෙහා ගමන් කිරීම) නිසා මේ ලෙඩේ හැදෙනවා කියලයි. මධ්‍යතන යුගයේදී මේක 'demon possession' එකක් නිසා වැළඳෙනවා කියලත් විශ්වාස කළා.
එහෙනම්, 'Vibrator' එක හැදුවේ කවුද? ඇයි?


සර්ව රෝග නිවාරණ යන්ත්‍රයක් ලෙස Electric vibrator භාවිත වුණා
'Electric vibrator' එක ඇත්තටම 1880 ගණන්වල මුලින්ම පේටන්ට් බලපත්‍රය ගන්නේ Dr. J. Mortimer Granville නම් ලන්ඩන් වෛද්‍යවරයෙක්. හැබැයි ඒ 'Hysteria' හොඳ කරන්න නෙමෙයි.
ඒ කාලේ 'Vibrator' එක "panacea" (සර්ව රෝග නිවාරණ) යන්ත්‍රයක් විදිහට තමයි market කළේ. නින්ද නොයාම, අංශභාගය, බිහිරි බව, රක්තවාතය, මලබද්ධය, වමනය, අර්ශස් (insomnia, paralysis, deafness, gout, constipation, vomiting, haemorrhoids) වගේ ලෙඩ 65කටත් වඩා හොඳ කරන්න මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා ඒ දවස්වල දැන්වීම්වල ගියා.

'Hysteria' කියන එකත් මේ ලොකු ලයිස්තුවේ තිබුණු එක ලෙඩක් විතරයි. එහෙම පාවිච්චි කළා නම්, ඒකත් බෙල්ලට, පිටට කරන සාමාන්‍ය 'relaxing massage' එකක් විදිහට වෙන්න ඇති කියලා Lieberman තර්ක කරනවා.
හැබැයි, 1900 ගණන් වෙද්දී, මේක "සර්ව රෝග නිවාරණ" බෙහෙතක් නෙමෙයි කියලා දොස්තරලා තේරුම් ගත්තා. 1915 දී American Medical Association (AMA) එක 'vibrator' යන්ත්‍ර "a delusion and a snare" සහ "quack device" (ව්‍යාජ වෛද්‍ය උපකරණයක්) විදිහට ප්‍රසිද්ධියේම හඳුන්වනු ලබනවා.
වෛද්‍ය වෘතිකයන් අතින් මේක ප්‍රතික්ෂේප වෙද්දී, 'vibrator' හදපු සමාගම් වලට අලුත් වෙළඳපොළක් ඕන වුණා. ඒ අනුව, ඔවුන් දොස්තරලා වෙනුවට කෙලින්ම පාරිභෝගිකයන්ට මේ උපාංග විකුණන්න පටන් ගත්තා.
"Woman's Home Companion" වගේ ජනප්‍රිය සඟරා වල, "ගෙදර පාවිච්චියට සුදුසු" (home appliance) එකක් විදිහට මේවා ප්‍රචාරය කළා. ඒ දැන්වීම්වල "All the pleasure of youth... will throb within you" වගේ "innuendo" (ව්‍යංගාර්ථ) තියෙන වචන පාවිච්චි කළා.








19 සහ 20 සියවසේ ජනප්‍රිය සඟරා වල, "ගෙදර පාවිච්චියට සුදුසු" (home appliance) එකක් විදිහට මේවා ප්‍රචාරය කළා. ඒ දැන්වීම්වල "All the pleasure of youth... will throb within you" වගේ "innuendo" (ව්‍යංගාර්ථ) තියෙන වචන පාවිච්චි කළා. මුද්දර පවා නිකුත් වුණා.
'Obscenity laws' (අසභ්‍ය දේ පිළිබඳ නීති) නිසා ඒ කාලේ මේවා 'sex toy' එකක් කියලා කෙලින්ම කියන්න බැරි වුණත්, නිෂ්පාදකයිනුයි, පාරිභෝගිකයිනුයි දෙගොල්ලොම මේ භාවිත වෙන්නේ මොකටද කියන එක දැනගෙන හිටියා.
1920 ගණන්වලදී 'porn films' (අසභ්‍ය චිත්‍රපට) වල 'vibrator' පාවිච්චි කරන්න පටන් ගත්තාම, ඒකේ තිබුණු "වෛද්‍ය ප්‍රතිකාර" කියන මතය නැති වෙලා , 'vibrator' එක "polite public view" (ශිෂ්ට සමාජයෙන්) අතුරුදහන් වුණා. ආයෙමත් 1960-70 ගණන් වලදී 'sex toy' එකක් විදිහට එළියට එනකල්ම, vibrator වල නියම භාවිතය ප්‍රසිද්ධ රහසක් විදිහට පැවතුණා.
