ChaNuka Wijesinghe ට සහ මට කලෙක ඉදන් එක එක content experiments කරලා බලන්න සැහෙන්න උවමනාවක් තිබුණා. අපේ TikTok, Instagram, Facebook chats බැලුවොත් inspiration ගන්න අපි share කර ගත්ත Video සැහෙන්න ඇති. හැම එකකම වගේ "කරන්න ඕනේ" කියලා හිතාගෙන Save කර ගත්ත Camera shots, Lights, Colors, Content strategy සහ Editing styles ගොඩක් තිබුණා. 

ඇත්තටම මේ වැඩේට ලොකුම ගැම්ම ආවේ අපි කලින් iphone SE එකක් පාවිච්චි කරලා කරපු random content එකක් නිසා. ඒකේ ලොකු Story එකක් තිබුණේ නැහැ, අපි කළේ Barista outlet එකක vibe එක capture කරන්න ට්‍රයි කරපු එක විතරයි. හැබැයි ඒක හිතුවට වඩා හොඳට ආපු නිසා මට ඕනේ වුණා ටිකක් ලොකු project එකකට අත ගහන්න. සුපුරුදු විදිහට ChaNuka සහ මම අපේ විකාර අදහස් සගච්චා කරන දවසක Guy Ritchie ගැන කතාවක් ඇදුනා එතනින් තමයි වැඩේ පටන් ගත්තේ. 

The Chaos & The Learning Curve

අපිට experimental project එකක් කරන්න ඕනේ වුණාට, කැමරාව පිටිපස්සේ වෙන process එකේ හැම role එකක්ම play කරන්න සම්පුර්ණයෙන් ම දැනගෙන හිටියේ නැහැ. අපේ අදහස වුණේ සරල shots ටිකක් එක්ක දෙයක් කරන්න. හැබැයි ලොකු plan එකක් නැති එක වැඩේ සැහෙන්න CHAOTIC වෙන්න සහ දිග් ගැස්සෙන්න හේතු වුණා. ඒවගේම අපි හිතෙන හිතෙන දේවල් මේකට එකතු නොකර නවත්ත ගත්තේ සැහෙන්න අමාරුවෙන්. 

මුලින් ප්ලෑන් නොකරපු visuals, VFX සහ Music පස්සේ එකතු වෙද්දී වැඩේ මාස 6කට වඩා කල් ඇදුනා. මේකේ final script එක ලියලා Voiceover එක කළේ සැප්තැම්බර් මාසේ. ඒ වෙද්දී අපි ගහපු footage වලින් පොඩි story එකක් build කරලා තිබ්බා. VO එකත් අපි හිතුව වගේම සාර්ථකව අවුට්පුට් එකට ලැබුණා.

Timeline of the Project

මේ වැඩේ ඇතුලේ වෙච්ච ප්‍රධාන සිදුවීම් ටික බැලුවොත්:

  • පටන් ගත්තේ: ජූලි 4
  • Shoot එක (Barista Ethulkotte): ජූලි 20
  • Scripting & VO: සැප්තැම්බර් 27
  • Release කළේ: දෙසැම්බර් 26

මේ කාලය ඇතුළත Chanuka වගේම මමත් අපේ අනිත් වැඩත් එක්ක කාර්යබහුල වුණා. ඒ වගේම Video script එකේ මම කියලා තියෙනවා වගේම මගේ Overthinking එකත් මේ ප්‍රමදයට ලොකු හේතුවක් වුණා. අන්තිම මොහොතේ මට ඕනේ වුණා ජූලි මාසේ හීනෙකින්වත් හිතපු නැති VFX එකක් ඇතුළත් කරන්න. ඒකෙන් release date එක තවත් කල් ගියත්, අන්තිමට අපිට ඕනේ විදිහේ quality output එකක් ගන්න ඒක උදව් වුණා.

The Team / Cast

  • Cast: Sandali - Pavani Hasara | Ashan - Irusha Sansuka | Client - Dilip Gunarathna
  • Guest Appearance: Suren Sandaru
  • Dir / Edit / Prod: Chanuka Wijesinghe
  • Script / Narration: Chanuka Nadun
  • Background Singing: Chanuka Vimukthi
  • Gears: Praboda lakshan / Binuka madura

පාඩම් සහ ස්තුතිය

මේ project එකෙන් අපි සැහෙන්න දේවල් ඉගෙන ගත්තා. ඊළඟ project එක කරද්දී planning තියෙන්න ඕනේ කොහොමද, budget balance කරගන්නේ කොහොමද වගේ ගොඩක් දේවල් දැන් අපි දන්නවා. දැනටමත් අපි මේකට වඩා සැහෙන්න ලොකු වැඩක් ගැන හීන දකිමින් ඉන්නේ, හැබැයි ඒ ගැන කියන්න තාම ඉක්මන් වැඩියි.

මේ වැඩේ සාර්ථක කරගන්න උදව් කරපු පිරිස සැහෙන්න ඉන්නවා. විශේෂයෙන්ම Barista ආයතනය සහ ඇතුල්කෝට්ටේ outlet එකේ කාර්යමණ්ඩලය. මේකේ ඉන්න හැමෝම අපි දන්න අඳුරන අය. එයාලා හැමෝම තමන්ගේ වැඩ පාඩු කරගෙන, අපෙන් සතයක්වත් ගන්නේ නැතුව අපේ මේ experiment එකට දුන්න සහයෝගයට ගොඩක් ස්තුතියි.

BTS video

අවසානය සහ ආරම්භය

මේ project එක experiment එකක් විදිහට කළේ අපේ capacity එක දැනගන්න සහ ඊළඟ ලොකු project එකට සුදානමක් විදිහටයි. ඒ ලොකු project එක 2026දී කොහොම හරි කරලා ඉවර කරන්න අපි දැනටමත් වැඩ පටන් අරන් තියෙන්නේ. ඒ අතරතුරේ තව පොඩි projects කිහිපයක්ම කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.

අපි මේ වැඩේට කලින් කරන්න ගිය concept project එකකුත් තිබුණා, මම ඒකේ video එකකුත් මෙතැන දානවා. මේ වගේ concept කිහිපයක්ම විවිධ හේතු නිසා අතහරින්න සහ වෙනස් කරන්න මේ කාලය ඇතුළත අපිට සිද්ද වුණා. හැබැයි ඒ හැම දේම අපේ Learning Curve එකේ වැදගත් කොටසක්.

Project Concept

ඇයි අපි මේ වගේ "විකාර වැඩ" කරන්නේ?

කෙටියෙන් කිව්වොත් "ආතල් එකට". අපි කොෆී එකක්, චායි එකක් බොන්න සෙට් වෙන හැම දවසකම වගේ අපිට ඕනේ වුණේ අපේ චැට් වල තියෙන, අපි ගහන "මනෝ පාරවල්" වල තියෙන අදහස්, ඒ creative itchiness එක කොහොම හරි visuals වලට ගේන්න.

තාම අපි ඒ හැම දෙයක්ම 100% හරියටම එලියට දාගන්න පුළුවන් මට්ටමට ඇවිල්ලා නැහැ කියලා අපි දන්නවා. හැබැයි එහෙමයි කියලා අපි නවතින්නෙත් නැහැ.

ඊළඟ project එකෙන් හම්බෙමු!

Share this post